බෙලරූස් රාජ්‍යයේදී කොටුවූ කංජිපානි, ලොකු පැටී, රොටුඹ අමිල ඇතුළු පිරිසට එරට අධිකරණයෙන් දුන් තීන්දුව!
මීට දින කිහිපයකට ඉහතදී බෙලරූස් රාජ්‍යයේදී අත්අඩංගුවට පත් වූ පාතාල කල්ලි නායක සුජීව රුවන් කුමාර හෙවත් ලොකු පැටි නමැත්තා එරට බන්ධනාගාරයකට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.
එරට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබාදුන් තීන්දුවක් මත මාසයක කාලයක් සඳහා අදාළ අපරාධකරු මෙලෙස බන්ධනාගාරගත කර ඇත.
මහත් ආන්දෝලනයට තුඩු දුන් අතුරුගිරිය ප්‍රදේශයේදී ව්‍යාපාරික ක්ලබ් වසන්ත වෙඩි තබා ඝාතනය කිරීම සහ දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදු වූ මනුෂ්‍ය ඝාතන රැසක් මෙහෙයවා ඇත්තේ ද ලොකු පැටී නමැත්තා බවට ආරක්ෂක අංශ සැක කරයි.
මීට අමතරව බෙලරූස් රාජ්‍යයේ වෙනත් ප්‍රදේශයකදී අත්අඩංගුවට පත් වූ පාතාල කල්ලි නායක කංජිපානී ඉම්රාන් සහ රොටුඹ අමිල නමැත්තාගෙන් එරට ආරක්ෂක අංශ විසින් රඳවාගෙන ප්‍රශ්න කිරීම අරඹා ඇති බවද වාර්තා වේ.
කෙසේවෙතත් පොලීසිය පවසන්නේ කංජිපානි ඇතුළු අදාළ සැකකරුවන් ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒම සඳහා මෙරට ආරක්ෂක අංශ විසින් කටයුතු කරමින් සිටිනා බවයි.
බෙලරූස් රාජ්‍යයේදී කොටුවූ කංජිපානි, ලොකු පැටී, රොටුඹ අමිල ඇතුළු පිරිසට එරට අධිකරණයෙන් දුන් තීන්දුව!
2024-08-05T19:59:00+05:30
Gossip Lanka Hot News






