හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා හිරු නාළිකාව විසින් විකාශය කළ ”පත්තරේ විස්තරේ” වැඩසටහන සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ පෙරේදා (10) දිනයේදී විකාශය කළ ”පත්තරේ විස්තරේ” වැඩසටහනේ දී තමාට සහ හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා හට චේතනාන්විතව බරපතල ලෙස අපහාසයක් සිදුකර ඇති බවත්, මැතිවරණ නීති උල්ලංඝනය කර ඇති බවටත් සඳහන් කරමින් මනුෂ නානායක්කාර මහතා මෙම පැමිණිල්ල ගොනු කර තිබුණා.
හිටපු අමාත්‍යවරයා විසින් පෙන්වාදී තිබෙන්නේ එම වැඩසටහන ඉදිරිපත් කිරීමේ පූරක ලෙස කටයුතු කළ මධුෂාන් ද සිල්වා යන අය ශ්‍රී ලංකා ජනරජයේ අණ්ඩුක්රම ව්‍යවස්ථාවේ 104 ආ (5) (අ) අනුව්‍යවස්ථාව යටතේ වන මාධ්‍ය උපමාන ව්‍යවස්ථාවට අනුව 2024/07/10 දිනැති සහ අංක 2392/27 දරණ ගැසට් නිවේදනය මගින් පරිච්ඡින්න කරන ලද උපලේඛණ අංක 2 යටතේ වන විද්‍යුත් මාධ්‍ය ආයතන, අන්තර් ජාල වෙබ්අඩවි සහ සමාජ මාධ්‍ය වෙබ්අඩවි පරිශීලකයන් සඳහා වන උපමාන ලේඛණයේ අංක 2.1, 2.2, සහ 2.3 යන වගන්ති බරපතල ලෙස උල්ලංඝණය කර ඇති බවයි.
ඒ අනුව හිරු නාළිකාව සහ පත්තරේ විස්තරේ වැඩසටහනේ පූරක මධුෂාන් ද සිල්වා මැතිවරණ කොමිෂම විසින් නිකුත් කර ඇති මාධ්‍ය උපමානයන් උල්ලංඝණය කරමින් තමාට සහ හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා හට බරපතල අපහාසයක් සිදුකර ඇති බව මනුෂ නානායක්කාර මහතා පවසනවා.
එබැවින් මැතිවරණ නීතී වලට අනුව මේ පිළිබඳව කඩිනම් පියවර ගන්න ලෙස මැතිවරණ කොමිසම වෙත පැමිණිල්ල සිදු කරමින් ඉල්ලා සිටිනවා.
එමෙන්ම එම වැඩසටහන මගින් හිරු නාළිකාව සහ එහි පූරක මධුෂාන් ද සිල්වා යන අය මුලික මාධ්‍ය ආචාරධර්ම පවා බරපතල ලෙස උල්ලංඝණය කර අති බව ඔහු සිය ලිපිය මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.