සමගි ජන බලවේගය හිටපු ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාට රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සහ එම මුදල්
පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් එම චෝදනාව සිදුකරනු ලැබුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා විසිනි.
උපුටා ගැනීම–
“හරීන් ප්‍රනාන්දුලට අපි කියනවා තමුන්නාන්සේලාට කොකේන් ගහන්න නෙමෙයි රටේ ජනතාවගේ බදු මුදල් තියෙන්නේ. තරුණ සේවා සභාවේ සභාපතිවරයයි, ඇමතියි දෙන්නා මාරුවෙන් මාරුවට තමන්ගේ සමාගම් දෙකට තමයි මේ මුදල් වියදම් කරගත්තේ.
හරීන් සහ මනුෂ උසාවිය විසින් මේ පාර්ලිමේන්තුවෙන් ඉවත් කරනු ලැබුවා. ඉවත් කරේ නැතිනම් මේක මූණට තියලා කතා කරන්න තිබුණා. මොනවද මේ දෙන්නා පහුගිය කාලේ කරේ. අපි ඉතාම පැහැදිලිව කිව්වා ගරු සභාපතිතුමනි, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ගිහිල්ලා හරින් ප්‍රනාන්දු ස්මාර්ට් ශ්‍රී ලංකා කියලා වැඩසටහනක් ආරම්භ කළා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා රුපියල් කෝටි 875ක මුදලක් පරිපූරක ඇස්තමේන්තුවකින් වෙන් කර ගත්තා. ඒ වෙන් කළ මුදල් වලින් හරීන්ගෙ අමාත්‍යංශයට ලක්ෂ 8000 දුන්නා.
2024 අප්‍රේල් අවුරුදු උත්සව පවත්වන්න රුපියල් ලක්ෂ 300 යි. 2024 වෙසක් උත්සවය පවත්වන්න රුපියල් ලක්ෂ 450 යි. මහරගම වෙසක් කලාපයට රුපියල් ලක්ෂ 100යි. දිවයින පුරා “ස්මාට් යූත් නයිට්” කියල මෙයාල සංගීත ප්‍රසංග පවත්වාගෙන යනවා. වේදිකාවට ලක්ෂ 80යි. සංගීත කණ්ඩායමට ලක්ෂ 25යි. කලාකරුවන්ට ලක්ෂ හතළිහයි. එදා නෙළුම් කුළුන ළඟට තරුණ තරුණියෝ ගෙනවිත් එතන අරක්කුයි බියරුයි බෙදුවා, ඒ වගේම එතන මත්පැන් අලෙවි කරන්න සැලැස්සුවා.
මේකෙ සමහර ඇමතිලා කොකේන් ගහන බව අපි දන්නවා.
හරීන් ප්‍රනාන්දුලට අපි කියනවා තමුන්නාන්සේලාට කොකේන් ගහන්න නෙමෙයි මේ රටේ තරුණ තරුණයින්ගේ අහිංසක දුප්පත් මහජනතාවගේ බදු මුදල් තියෙන්නේ. අද දෙවේලක් කන්න බැරි පවුල් ලක්ෂ 50ක් ඉන්නවා. කොකෙන් ගහගෙන ඇමතිලට ජවුසන් නටන්න මේ විදියට මුදල් කාබාසිනියා කරන්න දෙන්න බෑ. හරීන්ට අපි කියනවා එළියේ ඉඳන් පුළුවන් නම් මේ වගේ තරුණයන් මත්ද්‍රව්‍යවලට යොමු කරපු තමුන්නාන්සේ කතා කරන්න කියලා මං කියනවා.”