හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාට සහය පළ කර තිබෙනවා.
ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් නාමයෝජනා පත්‍ර අත්සන් කිරීම සඳහා පැවති උත්සවයට ගෝඨාභය රාජපක්ෂ සහභාගී වී සිටියා.
පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ අද (14) පෙරවරුවේ කොළඹ විජේරාමේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිවසේදී නාමයෝජනා පත්‍රයට අත්සන් තැබුවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් විසින් ජාතික මැතිවරණ කොමිෂන් සභාව වෙත ඇප මුදල් තැන්පත් කිරීම ද අද සිදු කෙරුණා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2024 ජනාධිපතිවරණය සඳහා නාමල් රාජපක්ෂ සිය ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත් කළේ, අගෝස්තු මාසයේදීයි.