ජනාධිපතිවරණයට තරග වදින අපේක්ෂකයින්ගෙන් සියයට අනුවක්ම ඉදිරිපත් වී ඇත්තේ ජනාධිපතිවරණය ජය ගැනීමේ අපේක්ෂාවෙන් නොව ස්වකීය පුද්ගලික අභිමතයන් සඳහා ප්‍රවේශයක් ලබා ගැනීමට බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.
තානාපති තනතුරු ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික තනතුරු ලබා ගැනීම, විදේශ සංචාරවලදී ඉහළ පිළිගැනීමක් ලබා ගැනීම, ආණඩුකාර ධූර හෝ සංස්ථා සභාපති කම් වැනි තනතුරු ලබා ගැනීම, මීලඟ මැතිවරණයක් සඳහා තරග වැදීමට ජන පදනමක් හදා ගැනීම, පිළිගත් දේශපාලන පක්ෂකවලට ඇතුළු වී එම පක්ෂවල නිලතල ලබා ගැනීම, මාධ්‍යවල වෙන් කෙරෙන ගුවන් කාලය යොදා ගනිමින් වෙනත් අපේක්ෂයකින් ප්‍රවර්ධනය කිරීම, මාධ්‍ය හරහා ප්‍රසිද්ධියක් ලබා ගැනීම සියයට 90ක් අපේක්ෂකයින් මෙම ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අරමුණ බව මැතිවරණ නිරීක්ෂකයින් පෙන්වා දෙයි.
මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පැවසුවේ අපේක්ෂකයින් තිදෙනෙක් පැහැදිලිවම ප්‍රධාන අපේක්ෂකයින්ගේ ප්‍රොක්සි ලෙස කටයුතු කරන ආකාරය නිරීක්ෂණය වන බවය.
මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක පවසන්නේ වැඩිවන සෑම අපේක්ෂකයෙකු සඳහාම රුපියල් කෝටි 02කට ආසන්න අමතර වැය බරක් දැරීමට මැතිවරණ කොමිසමට දැරීමට සිදුවන බවය. ( ලංකාදීප)