බන්දුලගේ බලපෑම් හමුවේ Sunday Observer කතෘ ඉල්ලා අස්වෙයි!
Sunday Observer කතෘ ප්‍රමෝද් සිල්වා මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී ඇති අතර එහි දක්වා ඇත්තේ විෂය භාර අමාත්‍යවරයාගේ කටයුතුවලින් කලකිරීමට පත්ව එම තීරණය ගත් බවයි.
ප්‍රොමෝද් සිල්වා මහතා එම ලිපියේ දක්වා ඇත්තේ සෑම අඟහරුවාදා දිනකම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ගේ රැස්වීම පැය තුනකට අධික කාලයක් පැවැත්වීම එම රැස්වීම නියමිත වේලාවට ආරම්භ නොකිරීම අමාත්‍යවරයාගේ නම භාවිතා කරන සෑම විටකම ආචාර්ය ලෙස භාවිතා කිරීමට බල කිරීම, සියලුම රාජ්‍ය මාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රවෘත්ති 2ක් හෝ පළ කිරීම සඳහා බලකිරීම ආදී බලපෑම් මත තමා මෙසේ ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි.
එමෙන්ම එහි වැඩිදුරටත් දැක්වෙන්නේ විපක්ෂය ඉලක්ක කර ගනිමින් චෝදනා කිරීමට සහ පුවත්පතේ විශේෂාංග රැසක් බන්දුල ගුණවර්ධන මහතාගේ උවමනා එපාකම් මත පළකිරීමට සිදුවීම මෙම තීරණය ගැනීමට තවත් මූලික හේතුවක් වූ බවයි.
Daily News පුවත්පතේ කතෘ ජයන්ත ශ්‍රී නිශ්ශංක මහතා ද මීට පෙර අවස්ථාවකදී අමාත්‍යවරයාගේ ක්‍රියා කළාපයට විරෝධය දක්වමින් සිය සේවයෙන් ඉවත් වී විදේශගත විය.
බන්දුලගේ බලපෑම් හමුවේ Sunday Observer කතෘ ඉල්ලා අස්වෙයි!
2024-08-19T11:02:00+05:30
Gossip Lanka Hot News






