පාර්ලිමේන්තු මන්ත්රී ධම්මික පෙරේරා මහතා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් නම් කිරීමට නියමිතව ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග ක්රියා සිටී.
ඒ අනුව එළඹෙන 07 වැනිදා පොදුජන පෙරමුණු විසින් නිල වශයෙන් ධම්මික පෙරේරා මහතා අපේක්ෂකයා ලෙස නිවේදනය කිරීමට නියමිතව ඇත.
ඊට අදාළ සංවිධාන කටයුතු සිදුවෙමින් ඇති බවද ආරංචි මාර්ග තවදුරටත් පවසයි.
ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් පොදු ජන පෙරමුණේ සාකච්ඡා වට කීපයක්ම එම පක්ෂ මූලස්ථානයේදී ඉදිරි දිනවලද පැවැත්වෙයි.
පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා මෙම සතිය එළැඹෙන්නට පෙර නිවේදනය කිරීමට නිකුත් සූදානමින් තිබුනත් ඇතිව තිබෙන තත්ත්වයන් මත එය කල් ගියේය.
ජනාධිපති අපේක්ෂකත්වය බලාපොරොත්තුව සිටින සිවු දෙනකු සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර ඉන් වැඩි පිරිසක් කැමැත්ත පළකර ඇත්තේ ධම්මික පෙරේරා මහතා වෙතයි.