පෝලිම් නැති කලාට ඡන්දය දිය යුත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට නොවේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට බව සංගීත ශිල්පී පේෂල මනෝජ් මහතා සදහන් කරයි.
මෙරට හෙනයක් සහ සාපයක් මැද සිටි කාලය අවසන් කළ යුතු බවත් රාජපක්ෂ සහ වික්‍රමසිංහ යුගයේ මෙරට පුරවැසියන් විදිය හැකි උපරිම දඬුවම් විඳ ඇති බවත් ඔහු පැවසීය.
හය වරක් අගමැති වූ රනිල් වික්‍රමසිංහ මහතා දැන් අලුත් යුගයක් ගැන කථා කරන බවත් රනිල් වික්‍රමසිංහ මහතා මාර නම් එක්සත් ජාතික පක්ෂය බිංදුවට නොවැටෙන බවත් පේෂල මනෝජ් මහතා කීය.
ණය නොගෙවන සහ වාහනේ ලීසිං නොගෙන තාක්කල් සියලුම දෙනා කෝටිපතියන් බවත් වික්‍රමසිංහ මහත්තයා පෝලිම් නැති කළා කියනවා නම් මෙරට ජනතාව කළ යුත්තේ ඒ සඳහා ණය දුන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජනාධිපති කරගැනීම බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
