රත්නපුරේ පවිත‍්‍රා නිවසේ රහස් ඡන්දයක්... ප‍්‍රතිඵල සගවා මල්ලේ දමාගෙන පවිත‍්‍රා නෙළුම් මාවතට!
ඉදිරි ජනාධිපතිවරණයේදී ගත යුතු ස්ථාවරය සම්බන්ධයෙන් ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් රත්නපුර දිස්ත්‍රික්කයේ සිය දේශපාලන ක්‍රියාකාරීන් කැදවා අදහස් විමසා තිබේ.
ඊයේ දිනයේ පැල්මඩුල්ල රිල්හේන පිහිටි ඇයගේ නිවසට කැඳවා ඇති මෙම ක්‍රියාකාරීන් ගෙන් ඒ පිළිබඳව රහස් චන්දයක්ද පවත්වා තිබේ.
නමුත් එහි ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර නැති ඇමතිනිය ප්‍රතිඵල තම ගමන් බෑගයේ දමාගෙන කොළඹ බලා පිටත් වී තිබේ.
ඡුන්ද විමසීමේ ප්‍රතිඵලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධානීන්ට දැනුම් දෙන බවද ඇය එහිදී ප්‍රකාශ කර තිබේ.
දේශපාලන ක්‍රියාකාරීන් ඉල්ලා ඇමතිනියගෙන් ඉල්ලා ඇත්තේ පක්ෂය දෙකඩ නොකර ජනාධිපතිවරයා සමග එකතුව ජනාධිපතිවරණයට මුහුණ දෙන ලෙසයි.
රත්නපුරේ පවිත‍්‍රා නිවසේ රහස් ඡන්දයක්... ප‍්‍රතිඵල සගවා මල්ලේ දමාගෙන පවිත‍්‍රා නෙළුම් මාවතට!
2024-08-02T11:48:00+05:30
Gossip Lanka Hot News






