ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නැටුම්, ගැයුම් ඇතුළු විශේෂාංග රාශියකින් ජාතියට හදුන්වාදීම සිදු කෙරෙන බව පොහොට්ටුවේ දේශපාලන මණ්ඩල සභික මිලින්ද රාජපක්ෂ සදහන් කරයි.
ජනාධිපති අපේක්ෂකයා ප්රකාශයට පත් කිරීම නෙළුම් පොකුණ රඟහලේ පැවැත්වීමට කටයුතු යොදා තිබුණද පසුව එය පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලය තුළ උත්සවශ්රීයෙන් සිදුකිරීමට සියලු කටයුතු සුදානම් කර ඇති බවද මිලින්ද රාජපක්ෂ සදහන් කරයි.
ඒ අනුව හෙට (07) දින උදෑසන 7.00 ට පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලය තුළ පැවැත්වීමට නියමිත අතර පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා අන් කවරකු නොව ව්යාපාරික ධම්මික පෙරේරා බවද මිලින්ද රාජපක්ෂ සඳහන් කරයි.