gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

කෝකිලා කොන්දේසි නැතිව රවීගෙන් සමාව අයදී!

තමන්ට සිදුකළ අපහාසය වෙනුවෙන් රුපියල් බිලියන 02ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීනී කෝකිලා ගුණවර්ධන ට එරෙහිව ගොනු කළ නඩුවක් අද කොළඹ දිසා අධිකරණය හමුවේ සමථයට පත් විය.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තිකාර මන්ත්‍රීවරිය සිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයට දැනුම් දුන්නේ තමන් සිදුකළ ප්‍රකාශය වැරදි සහගත බව තේරුම් ගන්නා බවත් ඒ සම්බන්ධයෙන් පැමිණිලිකාර රවී කරුණානායක මහතාගෙන් කොන්දේසි විරහිතව සමාව අයැද සිටින බවත් සඳහන් කළාය.

ඊට අමතරව රුපියල් දස දහසක මුදලක් ලංකා පිළිකා අරමුදලට පරිත්‍යාග කරන බවත් ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළාය.

ඒ අනුව අදාළ සමථය සටහන් කරගත් අධිකරණය සමථ කොන්දේසි වලට අනුකූලව කටයුතු කරන ලෙසත් පාර්ශව කරුවන්ට නියෝග කරන ලදී.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka