Exclusive:ධම්මික පෙරේරා බෑ කියයි.. පොහොට්ටුව අපේක්‍ෂකයෙක් හතර අතේ සොයයි.. නැතිම වුනොත් නාමල්..
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස වැදීමට තමන් ඉදිරිපත් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා සදහන් කරයි. තම පෞද්ගලික හේතුවක් මත මෙම පියවර ගන්නා බව ඔහු පක්ෂය වෙත දැනුම් දී ඇත.
ඒ හේතුවෙන් හෙට දිනයේ නම් කිරීමට නියම කර ඇති ජනාධිපති අපේක්ෂකයා සොයා ගැනීමේ දැඩි අර්බුදයකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පත්ව ඇත.
අග‍්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාටද ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉල්ලීමන් ලැබී ඇතත් අග්‍රාමාත්‍යවරයා එය ප්‍රතික්ෂේප කර තිබේ.
මෙම තත්ත්වය මත පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා හෙට දිනයේ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස නම් කිරීමට තීන්දු වී ඇත.
පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ද මේ බව සනාථ කර ඇත.
Exclusive:ධම්මික පෙරේරා බෑ කියයි.. පොහොට්ටුව අපේක්‍ෂකයෙක් හතර අතේ සොයයි.. නැතිම වුනොත් නාමල්..
2024-08-06T23:32:00+05:30
Gossip Lanka Hot News







