ක්ලබ් වසන්ත ඝාතනයට පලාත් සභා මන්ත‍්‍රීවරයෙක් අත්අඩංගුවේ!
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නමැති ව්‍යාපාරිකයා ඇතුළු පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කිරීමේ සිදුවීම පිළිබඳව පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම විසින් බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ සිදුවීමට සම්බන්ධ තුවක්කු කරුවෙකුට හා රියදුරෙකුට සහාය දුන්නේ යැයි එල්ල වන චෝදනා මතයි.
අත්අඩංගුවට ගන්නා ලද පනස්පස් හැවිරිදි හිටපු මන්ත්‍රීවරයා කන්ජිපානි ඉම්රාන්ගේ ඉල්ලීම මත තම නිවසේ දින 25ක කාලයක් වෙඩික්කරුට නවාතැන් ලබා දී ඇතැයිද හෙළි වී තිබේ.
පසුගිය ජූලි මස 08 වන දින අතුරුගිරියේ පිහිටි ටැටූ මධ්‍යස්ථානයකදී සිදු කරන ද වෙඩි තැබීමෙන් ක්ලබ් වසන්ත ඇතුළු පුද්ගලයන් දෙදෙනකු මරණයට පත්විය.
ක්ලබ් වසන්ත ඝාතනයට පලාත් සභා මන්ත‍්‍රීවරයෙක් අත්අඩංගුවේ!
2024-08-29T11:14:00+05:30
Gossip Lanka Hot News






