ජනපති රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම අද!
මෙවර ජනාධිපතිවරණය සඳහා “ගෑස් සිලින්ඩරය” ලකුණ යටතේ ස්වාධීන අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම අද (29) සිදුකෙරේ.
ඒ අනුව, අද පෙරවරු 09.00 ට කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී විශේෂ උත්සවයක් සමගින් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම සිදුකෙරෙනු ඇත.
“පුළුවන් ශ්‍රී ලංකා” මැයෙන් යුතුව මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කර ඇති බව සඳහන්.
සටහන – රුවන් නෙළුගොල්ල
ජනපති රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම අද!
2024-08-29T09:05:00+05:30
Gossip Lanka Hot News






