gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

රංගෙ බණ්ඩාර ඉවතට... විපක්‍ෂයට යනවා දැයි බලලා කියන්නම්ලු!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවලින් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා ඉවත් කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහලේකම්වරයා හැර සෙසු නිලධාරීන්ට ජනාධිපතිවරණයේ වගකීම් පවරා ඇති බව දැන ගන්නට තිබේ.

මහලේකම්වරයා පසුගිය ආසන්න දිනවලදී එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන කටයුතුවලට සම්බන්ධ වී නොසිටි අතර පක්ෂයේ විශේෂ මහා සමුළුවටද මහ ලේකම්වරයා සම්බන්ධ වීමක් දක්නට නොලැබුණි.

ඔහු විපක්ෂයේ දේශපාලන පක්ෂයට සම්බන්ධ වීමට සූදානමින් ඇතැයි පලවන වාර්තා පිළිබඳ ප්‍රතිචාර දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ ‘බලලා කියන්නම්’ යනුවෙනි.

මේ අතර පාලිත රංගෙ බණ්ඩාර මහතා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරයෙන්ද ඉවත් කෙරෙණු ඇති බවද නොනිල ආරංචි මාර්ග වාර්තා කරයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka