හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හිමිවු 69 ලක්ෂය කාටවත් ලියලා දිපු එකක් නොවන බවත් 69 ලක්ෂයේ අයිතිකාරයෝ තමන් ඇතුළු පුද්ගලයින් බව රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක සදහන් කරයි.
රාජපක්ෂලාගේ පුත්තු හිතාගෙන ඉන්නේ 69 ලක්ෂය එයාලගේ කියලා බවත් ඔවුන්ට 69 ලක්ෂය අයිති නැති බවත් ඔවුන්ට ඇත්තේ ගෙදර සහ පවුලේ ඡන්ද පමණක් බව රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.
69 ලක්ෂය රාජපක්ෂගේ ඡන්දය නොවන බවත් එම ඡන්දය අයිති රටේ ජනතාවට බවද ජනහමුවක් අමතමින් රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.