ජනාධිපතිවරයා දෙවරක්ම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළා කියලා ඔප්පු වුණා! ජනාධිපතිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය දීපු තීන්දුවට නීතීඥ සංගමයේ හිටපු සභාපතිගේ ප්‍රසංශාව!
පසුගිය වසරේ පැවැත්වීමට නියමිතව තිබුණු පලාත් පාලන මැතිවරණය නොපැවැත්වීම මගින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමේ චෝදනාවට මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වගකිවයුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය පීරිස් මහතාගේ පැසසුමට ලක්ව තිබේ.
ධූරය දරන ජනාධිපතිවරණයෙකු මේ ආකාරයේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සිදුකර ඇති දෙවන අවස්ථාව මෙය බව සාලිය පීරිස් මහතා වැඩිදුරටත් පවසයි.
පැවැත්වීමට නියමිතව තිබුණු පලාත් පාලන මැතිවරණය කඩාකප්පල් කිරීමට රජය දරන උත්සාහය මුල සිටම ශ්‍රී ලංකා නීතීඥ සංගමය හෙලා දැක තිබුණි.
ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී තිබෙන මෙම තීන්දුවෙන් නීතීඥ සංගමයේ ස්ථාවරය නිවැරදි බව සනාථ වූවේ යැයි නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය පීරිස් මහතා වැඩි දුරටත් අවධාරණය කරයි.
-lankasara
ජනාධිපතිවරයා දෙවරක්ම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළා කියලා ඔප්පු වුණා! ජනාධිපතිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය දීපු තීන්දුවට නීතීඥ සංගමයේ හිටපු සභාපතිගේ ප්‍රසංශාව!
2024-08-25T19:28:00+05:30
Gossip Lanka Hot News






