දිලිත්ගේ සංග‍්‍රහයකට මැතිවරණ කොමිසම පනී.. සියළු කෑම බීම සීල්.. අරක්කු පොලිසියට ගනී..
ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සූදානම් කර තිබූ රාත්‍රී භෝජන සංග්‍රහයක් මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් අත්හිටුවා ඇත.
අද අනුරාධපුර ප්‍රසිද්ධ හෝටලයකදී මෙම භෝජන සංග්‍රහය සූදානම් කර තිබුණේ දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති විද්වත් හමුවකට සහභාගි වූ ආරාධිත පිරිස සඳහායි.
අනුරාධපුර මැතිවරණ කොමසාරිස් කාර්යාලට ලද පැමිණිල්ලක් මත එහි නිලධාරීන් පිරිසක් පොලිසිය සමග පැමිණ හෝටලයේ සංග්‍රහයට සූදානම් කර තිබූ ආහාර සඳහා මුද්‍රා තබා තිබේ.
ආරාධිතයන්ට ලබාදීමට තිබූ මත්පැන් බෝතල් ද පොලිසියට බාරයට ගෙන ඇත.
-lankacnews
දිලිත්ගේ සංග‍්‍රහයකට මැතිවරණ කොමිසම පනී.. සියළු කෑම බීම සීල්.. අරක්කු පොලිසියට ගනී..
2024-08-25T22:43:00+05:30
Gossip Lanka Hot News






