ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ පක්ෂයේ ලේකම් වාසුදේව නානායක්කාර වෙත ලිපියක් යොමු කරමින් නායකත්වය භාරගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න සිය පක්ෂ සාමාජිකත්වයෙන් සහ තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙනවා.
ජනක රත්නායක නමැත්තෙකුට ජනාධිපති අපේක්ෂකත්වය පිරිනැමීමට ඔබ ඇතුළු පක්ෂයේ විධායක සභාවේ බහුතරය ගත් තීන්දුව ගැන මා වික්ෂිප්තභාවයට පත් කළ බවද නිරෝෂන් ප්‍රේමරත්න සදහන් කරයි.