gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රනිල්ගේ ගේම් මොනවද,මහින්දගේ ගේම් නේ ගේම් - අනුර

ජනාධිපති ධූර කාලය සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් ඉදිරිපත් කිරීමට සූදානම් වන සංශෝධනය පාර්ලිමේන්තුවේ විවාද කළ යුතු එකක් නොවන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඒ අනුව ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5 ක් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් හා ප්‍රායෝගිකව ඔප්පු වී ඇති බව ඊයේ (11) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළා.

ඔහු පවසා සිටියේ රනිල් වික්‍රමසිංහ නැමති සූත්තරකරුවා කුමන හෝ ගැටයක් ගසා ධූර කාලය දීර්ඝ කර ගනු ඇති බවට මන්ත්‍රීවරුන් තුළ අදහසක් ඇති බවත්, රට තුළ ජනාධිපතිවරණය පවත්වන්නේද නැද්ද සම්බන්ධයෙන් ව්‍යාකූලත්වයක් මතුව ඇති බවයි.

රනිල් යනු ගැට කාරයෙක් හෝ සූත්‍ර කාරයෙක් නොවන බවත්, සිදුවන්නේ ජනාධිපතිවරණ පැවැත්වීම, ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ පරාජයට පත්වීම හා ඔහු සාමකාමීව ගෙදර යාම බවත්, රනිල් වික්‍රමසිංහගේ ඔලුවෙන් ගැසූ සෑම ගේමක්ම පරාජයට පත්වූ බවත්, ආණ්ඩු මෙහෙයවනවාට වඩා වැඩියෙන් ඔහු පක්ෂය මෙහෙයවා ඇති බවද අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළා.

වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා

“ගේම් නම් මහින්ද, මහින්ද රාජපක්ෂ ගේම් මාස්ටර්. පක්ෂ කඩලා තියෙනවා. අරන් තියෙනවා. ගේම් නම් ගේම්. මේ මොන ගේම්ද රනිල්ගේ”.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka