gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

විදුලිය සහ ජලය හොරෙන් ගත් බවට චෝදනා ලද ගල්කිස්ස හිටපු දිසා විනිසුරුගේ වැඩ තහනම් වෙයි!

සිය නිල නිවසට නීති විරෝධීව විදුලිය සහ ජලය ලබාගැනීම පිළිබඳ අධිකරණ ඇමතිවරයා විසින්ම අපරාධ චෝදනා එල්ල කරන ලද ගල්කිස්ස හිටපු දිසා විනිසුරු සහ වත්මන් කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීරගේ වැඩ තහනම් කිරීමට අධිකරණ සේවා කොමිසම විසින් කටයුතු කර ඇති බව වාර්තා වේ.

වර්තමාන දිසා විනිසුරුවරිය ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේ පිහිටි නිල නිවසට පැමිණීමට පෙර එහි සිටි මෙහෙස්ත්‍රාත්වරයාවන කෝසල සේනාධීර විසින් විසින් නිතී විරෝධී ලෙස නිළ නිවසට විදුලිය ලබාගෙන ඇති බවත් අදාළ නීතිවිරෝධී විදුලි රැහැන හේතුවෙන් විදුලි සැර වැදී විදුලි කාර්මිකයෙකු බරපතල ජීවිත අනතුරකට පත්වූ බවටත් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පසුගියදා පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළේය.

මහේස්ත්‍රාත්ධුරයේ අත්තනෝමතික ලෙස කටයුතු කරන බවට ඔහුට විරුද්ධව ජනාධිපති නීතිඥවරු විසින් ද මීට ඉහතදී අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කර ඇතැයි ද කියැවේ.

විදුලිය සහ ජලය හොරෙන් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධව අධිකරණ ඇමතිවරයා විසින් ද අධිකරණ සේවා කොමිෂන් සභාවට පැමිණිලි කර තිබිණි.



gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka