gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

කලින් දෙපාරක් ම ක්ලබ් වසන්ත ඝාතන තැත වැරදිලා!

කෝටිපති ව්‍යාපාරික ක්ලබ් වසන්ත ටැටූ ව්‍යාපාරික ස්ථානයට ගෙන්වා ගැනීමට දෙවරක් ම උත්සාහ කළ ද ඒවා ව්‍යාර්ථ වී ඇතැයි ද ඔහුව එම ව්‍යාපාරික ස්ථානයට ගෙන්වා ගෙන ඇත්තේ, තෙවැනි වතාවට උත්සාහ කිරීමෙන් යැයි ද අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇති බව උසස් විමර්ශන නිලධාරියෙක් කීවේ ය.

එම උත්සාහයන් දෙකේදීම ක්ලබ් වසන්ත කාර්යබහුල වීමත් වරෙක ඔහු විදෙස්ගත වීමට තැත් කිරීම නිසා ඔහු ටැටූ මධ්‍යස්ථානය විවෘත කිරීමට පැමිණ නැත.

ඔහු තෙවැනි වතාවට පැමිණි මොහොතේදී මෙලෙස ඝාතනයට ලක්ව තිබේ.

මේ අතර, සුරේන් වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනයට අත්අඩංගුවට ගත් සැකකරුවන් හත් දෙනා පැය 48ක රඳවා ගැනීමේ නියෝග ලබා ගැනීම අපේක්ෂාවෙන් ඊයේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට අතුරුගිරිය පොලිසිය කටයුතු කළ අතර පොලිසියේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කඩුවෙල මහේස්ත්‍රාත්වරිය ඔවුන් ලබන 22 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා ය.

බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය, කොට්ටාව සහ අතුරුගිරිය පොලිස් ස්ථාන මගින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කොට අතුරුගිරිය පොලිසිය වෙත ඉදිරිපත් කර තිබිණි.

අත්අඩංගුවට ගත් සැකකරුවෝ අම්බලන්ගොඩ, අහුන්ගල්ල, බලපිටිය, ගණේමුල්ල හා බෙලිඅත්ත ප්‍රදේශවල පදිංචි අවුරුදු 24, 27, 28, 31 සහ 37 වයස්වල පසු වන පිරිසකි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර වෙඩි තැබීම සිදුවූ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු, වෙඩි තැබීමට යොදා ගත් කාර් රථය අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිට අතුරුගිරිය ප්‍රදේශයට රැගෙන එන ලද පුද්ගලයන් දෙදෙනෙකු එම කාර් රථය වෙඩි තැබීම සිදු කිරීමට පෙර සිය නිවස පිහිටි ඉඩමේ තබා ගෙන සිටි පුද්ගලයෙකු සහ වෙඩි තැබීම සිදු කිරීමෙන් පසු වෙඩික්කරුවන්ට පැන යෑම සඳහා භාවිත කළ වෑන් රථය රඳවා ගෙන සිටි පුද්ගලයා ද වන බව විමර්ශන නිලධාරීහු කීහ.

අපරාධය සිදු කිරීමෙන් පසු සැකකරුවන් පළා ගිය ව්‍යාජ අංක තහඩු යෙදූ කාර් රථය, වෑන් රථය සහ ව්‍යාපාරික ස්ථානය හිමිකරුගේ ජංගම දුරකතනය මේ වන විටත් විමර්ශන නිලධාරීන් භාරයේ ඇත.

මේ අතර, මෙම ද්විත්ව ඝාතනයට ලොකු පැටීට අතුරුගිරියේ ලැටියාගේ සහාය ද ලැබී ඇති බවට තොරතුරු ලැබී ඇති අතර ඒ ඔස්සේ ද විමර්ශන සිදු කරන බව විමර්ශන භාර උසස් නිලධාරියා සඳහන් කළේ ය.

මව්බිම


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka