ආණ්ඩුවෙන් ඉවත් වෙනවා - පොහොට්ටුව ජනපතිට දැනුම් දෙයි!
සමගි ජන බලවේගයෙන් ආණ්ඩුවට එක් කර ගන්නේ යයි කියූ මන්ත‍්‍රී පිරිස ඉක්මනින් ආණ්ඩුවට එක් කර ගන්නා ලෙස ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නැවත වතාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇත.
පොදුජන පෙරමුණ ආණ්ඩුවේ කොටස්කරුවකු ලෙස සිටින තාක් කල් සජබ මන්ත්‍රීවරු ආණ්ඩුව සමග එක් නොවන බව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හිතවත් පාර්ශව ප්‍රකාශ කර තිබිණ.
ඒ අනුව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ආණ්ඩුවට එක් කර ගැනීමට තම පක්‍ෂය බාධාවක් නම් ආණ්ඩුවෙන් ඉවත්වීමටද සූදානම් බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයකු පැවසීය.
එනිසා තවත් කල් නොයවා සමගි ජන බලවේගයෙන් මන්ත්‍රීවරු පිරිස ආණ්ඩුවට එක් කර ගන්නා ලෙස ඉල්ලා ඇතැයිද එම ප්‍රකාශකයා වැඩි දුරටත් කියා සිටියේය.
ආණ්ඩුවෙන් ඉවත් වෙනවා - පොහොට්ටුව ජනපතිට දැනුම් දෙයි!
2024-07-23T07:51:00+05:30
Gossip Lanka Hot News





