gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රටේ ණය ගෙවන්න පුළුවන් කෙනෙක් ජනපතිවරණයට එයි – නාමල්ගෙන් විශේෂ පණිවුඩයක්!

ඉදිරි ජනාධිපතිවරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෝ ව්‍යාපාරික ධම්මික පෙරේරා යන මහත්වරුන් ඉදිරිපත් වන බවට ලිඛිතව කිසිදු පණිවිඩයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබී නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

තමන් එවැනි තොරතුරක් පක්ෂයට දන්වා නොමැති බවද රාජපක්ෂ මහතා පැවසීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණයේදී නියෝජනය කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ජාතික වත්කම් අලෙවි නොකර රටේ ණය ගෙවීමට සමත් අයෙකු වනු ඇති බව රාජපක්ෂ මහතා සඳහන් කළේය.

අපේක්‍ෂකයින් කිහිප දෙනෙකු පක්‍ෂය සමඟ සාකච්ඡා කරමින් සිටින බවත්, සුදුසු අපේක්‍ෂකයා සුදුසු අවස්ථාවේදී ප්‍රකාශයට පත් කරන බවත් හෙතෙම සඳහන් කළේය.

මේ අතර, ඇතැම් පිරිස් පවසන පරිදි ජනාධිපතිවරණය කල් දැමිමට කිසිදු සැලසුමක් නොමැති බවත්, මේ වසරේ ඔක්තොම්බර් 17 දිනට පෙර නව ජනාධිපතිවරයෙක් තොරාපත් කරගත යුතු බව ප්‍රවාහන සහ මහ මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසිය.

බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ඒ බැව් කියා සිටියේ හැටන් දුම්රිය ස්ථාන භුමියේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදි කරන ලද නව ගොඩනැගිල්ල සහ හැටන් දුම්රිය ස්ථානය නිරික්ෂණය කිරිම සදහා පැමිණි අවස්තාවේදිය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මැතිවරණය පැවැත්විම සදහා අයවැයෙන් රු බිලියන 10 ක ප්‍රතිපාදන මැතිවරණ කොමිසම වෙත ලබා දි ඇති බවයි.

තම සහෝදර අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවැත්විමට නියමිත ජනාධිපතිවරණයේ අපෙක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බවට තමන්ට තොරතුරු ලැබි ඇති බවද අමාත්‍යවරයා පැවසිය.

මෙම නිරික්ෂණ චාරිකාවට ලංකා කම්කරු කොන්ග්‍රසයේ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම මරුදපාණ්ඩි රාමේෂ්වරන් මහතා ඇතුළු දුම්රිය දෙපාර්තුමේන්තුවේ නිලධාරින් රැසක් සහභාගි විය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka