ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමල් චින්තක මායාදුන්නේ මහතාට බෝතල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
මන්ත්‍රීවරයා පුත්තලම, වනාතවිල්ලුව ක්‍රීඩාංගණයේ පැවැති සංගීත සංදර්ශනයක ගීත ගායනා කිරීමට වේදිකාවට ගොඩ වුණු අවස්ථාවකදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි වාර්තා වෙන්නේ.
වනාතවිල්ලුව ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ දී පසුගිය සිකුරාදා (5) රාත්‍රී සිට අලුයම දක්වා පැවැති සංගීත සංදර්ශනයට ආරාධිතයෙකු ලෙස මන්ත්‍රීවරයා සහභාගි වී තිබෙනවා.
පොලීසිය පවසන්නේ එහිදී ඔහු ගීතයක් ගායනා කිරීම සඳහා වේදිකාවට ගොඩ වූ අවස්ථාවේදී මෙම බෝතල් ප්‍රහාරය එල්ල වී ඇති බවයි.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාරයෙන් මන්ත්‍රීවරයාට හානියක් සිදුව නැතත් ඔහු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
වනාතවිල්ලුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
