ජනාධිපතිවරණය කල්තැබීමේ ප්‍රයත්නය අසාර්ථකයි.. අධිකරණ තීන්දුව ලබාදෙයි!
ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ව්‍යවසායකයෙකු වන සී. ඩී. ලේනව මහතා විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත, ඒ රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවකටද යටත්වය.
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පෙත්සම්කරුට දන්වා ඇත්තේ එම නඩු ගාස්තුව මසක් ඇතුළත අධිකරණයේ තැන්පත් කළ යුතු බවයි.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බව වාර්තාවේ.
ජනාධිපතිවරණය කල්තැබීමේ ප්‍රයත්නය අසාර්ථකයි.. අධිකරණ තීන්දුව ලබාදෙයි!
2024-07-08T14:37:00+05:30
Gossip Lanka Hot News





