‘එයත් එක්ක මගේ කිසිම සම්බන්ධයක් නෑ... එයාව මම දැකලාවත් නෑ... එයා UNP සාමාජිකයෙක්!’
ජනාධිපතිවරණ ධූර කාලය සම්බන්ධයෙන් අර්ථනිරූපණයක් ඉල්ලා අධිකරණය හමුවට ගිය සී.ඩී. ලෙනව නැමැත්තා තමන් කිසි දිනෙක දැක නැති බවත්, හෙතෙම එජාප සාමාජිකයෙක් බවත් රොහාන් පල්ලෙවත්ත මහතා පැවසීය.
ජපානයේ සිට විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා කියා සිටියේ තමන් මේ වනවිට ජාතික සංවර්ධන පෙරමුණේ කටයුතු නොකරන බවත්, තමන් දැන් සජබ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයකු බවත්ය.
තමන් ජාතික සංවර්ධන පෙරමුණේ කටයුතු කරන සමයේ ලෙනව නැමැත්තා සිය පක්ෂයේ සිටියද තමන් එක් වතාවක් හෝ ඔහුව දැක නොමැති බවත්, අවම වශයෙන් ඔහුගේ දුරකතන අංකයක් හෝ තමන් සතුව නැති බවත් පල්ලෙවත්ත මහතා පෙන්වා දුන්නේය.