ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් පලවා හැරීම පිළිබඳව පළ කර තිබෙන ‘කුමන්ත්‍රණය‘ සමඟ සරත් ෆොන්සේකාගේ “යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව“ නම් කෘතිය සන්සන්දනය කරමින් මේ වනවිට ප්‍රචාරක යුද්ධයක් ආරම්භ වී තිබේ.
වාර්තා වන ආකාරයට සරත් ෆොන්සේකා තම කෘතිය ගෝඨාභය රාජපක්ෂගේ කෘතියට වඩා වේගයෙන් විකුණා ගැනීමේ ප්‍රයත්නයක යෙදී සිටී. “මම මේ යුද්ධය ඊලඟ හමුදාපතිට ඉතිරි නොකරමි“ යනුවෙන් ආදර්ශ පාඨයක් ද සහිතව විවිධ ක්‍රියාමාර්ග ඔස්සේ කෘතිය පිළිබඳ වෙනම සංවාද ඇති කර තිබේ.
මේ වනවිට මුල් මුද්‍රණය අවසන් වී ඇති බවත් දෙවන මුද්‍රණය සම්බන්ධයෙන් ප්‍රචාරක වැඩ පිළිවෙලක් සහිතව නව ප්‍රවේශයක් ගැනීමට සූදානම් වන බව හෙළිවේ.
- lankatruth
