gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සල්ලිවලින් ඡන්ද දිනන්න පුළුවන් නම් ඉන්දියාවේ මෝදි පැරදිලා අම්බානි දිනන්න එපෑ - නාමල්

පසුගිය බ්‍රහස්පතින්දා පොහොට්ටුවේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන්ගේ මාධ්‍ය ලේකම්වරුන් කැඳවා තිබුණේ  කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිවසටය.

ඉදිරි දේශපාලන වැඩකටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම මෙහි අරමුණ විය.

“අපේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කවුද? මමයි අපේක්ෂකයා කියල සමහරු පෝස්ටර් ගහනවා. වොයිස්කට් දෙනවා” මාධ්‍ය ලේකම්වරුන් කීය.

“අපි තවම අපේක්ෂකයෙක් තෝරල නෑ. අපි ව්‍යාපාරිකයන් මත යැපෙන්නෙ නෑ. සල්ලිවලින් ඡන්ද දිනන්න පුළුවන් නම් ඉන්දියාවේ මෝදි නෙවෙයි අම්බානි දිනන්න ඕන. ඇමරිකාවේ ගූගල් එකයි, ඇපල් සමාගමයි එකට එකතුවෙලා ඡන්දය දිනන්න ඕන. ට්‍රම්ප් ජනාධිපති වෙන්නෙ ව්‍යාපාරිකයෙක් විදියට නෙමෙයි දේශපාලකයෙක් විදියට.ඡන්දය කියන්නේ සල්ලි කියල හිතන එක වැරදි අදහසක්” මන්ත්‍රීවරයා කීය.

“අපි අපිට සම්බන්ධ ව්‍යාපාරිකයන්ගෙන් පොඩි තල්ලුවක් ගන්නවා.හැබැයි ඒක ඡන්දයක් කියල හිතාගෙන වැඩ කරන්නෙ නෑ.” මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.

“දැන් එතකොට ජාතික සංවිධායක විදියට ඔබගේ ඉදිරි වැඩපිළිවෙළ මොකක්ද?” ලේකම්වරුන් විමසීය .

”  ශ්‍රී ලංකා ලංකා නිදහස් පක්ෂයට වෙච්චි හානිය පොහොට්ටුවට වෙන්න දෙන්නේ නෑ. මේ කැම්පේන් එකේ කොටස් දෙකක් ඉන්නවා. එක කොටසක් රාජපක්ෂලාට විරුද්ධයි. අනිත් කොටස වික්‍රමසිංහලාට විරුද්ධයි. අපි මේ කොටස් දෙකම දිනා ගන්න ඕන. ඒක තමයි ජයග්‍රහණය.” නාමල් මන්ත්‍රීවරයා කීය.

“පොහොට්ටුවෙන් ගැලවිච්ච කොටස් නැවත එකතු කර ගැනීම අගමැතිවරයාට බාරදීල තියෙනවා. ඒකට සාකච්ඡා ආරම්භ කරල තියෙන්නේ අපි නෙමෙයි. අගමැතිතුමාගේ පාර්ශවයි”ඔහු යළි කීය.

“ජනාධිපතිවරණය දිනල, එතනින් එහාට වැඩ කරන්නෙ කොහොමද ?’ අයෙක් විමසීය.

“මට ප්‍රශ්නය තියෙන්නේ මේක දිනන එකනෙමෙයි. දිනල ගැටුමක් නැතුව ආණ්ඩුව පවත්වාගෙන යන්නේ කොහොමද කියන එකයි. මොකද 2015 -රනිල් – මෛත්‍රී ආණ්ඩුවට වෙච්චි දේ ආපහු වෙන්න දෙන්න බෑ.” මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.

මෙහිදී මාධ්‍ය ලේකම්වරුන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයට පොරොන්දු වූයේ නාමල් මන්ත්‍රීවරයාගේ වැඩපිළිවෙලට සහය දක්වන බවයි.

එහෙත් පක්ෂය ශක්තිමත් කරන වැඩපිළිවෙළ අතරතුරදීම ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලට තමන්ගේ සහය දක්වන බවද මාධ්‍ය ලේකම්වරුන් මෙහිදී මන්ත්‍රීවරයා දැනුවත් කළහ.

“ඔව්… ඔයාලගෙ තනතුරට අදාළව ඒක හරි. එහෙම තමයි වෙන්න ඕන.” මන්ත්‍රීවරයා යළි කීය.


– Repoter
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka