gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මානව හිමිකම් නොතකා පාතාලයට ගහලා දාමු - පාර්ලිමේන්තුවට යෝජනාවක්!

මානව හිමිකම් වලට මුවා වී පාතාලය හා කුඩුකාරයන් වෙනුවෙන් පෙනී නොසිටි කණ්ඩායමක් ලෙස  පාතාලය මර්ධනයට සියළු දෙනාගේ සහයෝගය හිමිවිය යුතු බවත් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

ඊනියා අරගලයට මාස 3ක් බුරියානි දුන්නේ කවුදැයි පරීක්ෂණයක් පැවැත්විය යුතු බවද ඇමතිවරයා පෙන්වා දෙයි.

අද (11)  පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඇමතිවරයා කීවේ පාතාලයට ගහලා ඉවර කළ යුතු බවයි.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මතුකළ කරුණකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව කීවේය.

මෙහිදී දෙපාර්ශවය අතර ඇති වූයේ මෙවැනි සංවාදයකි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

නීතිය හා සාමය පිලිබදව අද බරපතල තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා. එනවා ගහනවා යනවා. හැමතැනකම ජනසමාජයේ ප්‍රචණ්ඩත්වය රජයලා. ඉතින් මේක පිළිබදව අපෙ රටෙ පොදු ජනතාවගේ මහලොකු භීතියක් තියෙනවා. ලොකු සැක සාංකාවක් තියෙනවා. ඉතින් මම මේ කාරණාව දේශපාලනකරණය කරන්න කිසිසේත් ම උත්සාහ කරන්නෑ. ජනසමාජයේ සුරක්ෂිතභාවය ජනසමාජයේ ඉන්න පුරවැසියන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම පවතින රජයේ වගකීමක්. බරපතල ප්‍රශ්නයක් මේ ආරක්ෂක ප්‍රශ්නය. මොකක්ද ඔබතුමාලා ලබාදෙන විසදුම. දේශපාලනීකරණය කරන්න නෙවේ මේ අහන්නේ. අපිත් අපේ කොටස අපි ඉශ්ඨ කරනවා. සමාජය තුළ නීතිය සාමය සුරක්ෂා කරමින් ප්‍රචණ්ඩත්වය තුරන් කරන්න අපිත් අපේ සහය ලබාදෙනවා. නමුත් අද ජනසමාජයේ එනවා ගහනවා යනවා. පුදුම මිනීමැරුමක්නෙ සිද්ධ වෙන්නෙ. ඉතින් මෙ ප්‍රචණ්ඩත්වයට විරුද්ධව මොකක්ද විසදුම. මේක බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා විශේෂයෙන් ම මමනං බය නෑ මේ කාරණාව ගැන කතා කරන්න. ඒ නිසා මෙක ගැන අපි කතා කරන්න ඕන. ඒක මේ රටේ පොදු ජනතාව මුහුණ දෙන ප්‍රශ්නයක්. මහජනතාවගේ ආරක්ක්ෂාව තහවුරු වෙන්න ඕන. ඒ නිසා විශේෂෙන්ම රජයෙන් මම ඉල්ලීමක් කරනවා. මහජනතාවගේ ආරක්ෂාව පිළිබදව දැවැන්ත වැඩසටහනක් ක්‍රියාත්මක වෙන්න ඕන. මේක මෙහෙම වෙන්න බෑ. එනවා ගහනවා යනවා. කොහොමද මෙහෙම වෙන්නේ. මොකක්ද ආණ්ඩුව පැත්තෙන් ඔබතුමාලා දෙන උත්තරය. මෙහෙම පුලුවන්ද රටකට ඉදිරියට යන්න. එතකොට මට ඔබතුමා කියන්න සෘජුවම මේව බලපානවනෙ. සංචාරක ක්ෂේත්‍රයට වලපානවා, ආයෝජන ක්ෂේත්‍රයට බලපානවා, සමාජයේ නීය්හියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වීම ශක්තිමත්ව ක්‍රියාත්මක වෙන්නට ඕන. ඒ නිසා මේ ප්‍රචණ්ඩත්වය බොහොම භයානක දෙයක්. මේ ප්‍රචණ්ඩත්වයට එරෙහිව මම විවිශ්වාස කරනවා මේ 225 ම එක තැනක ඉන්නවා. මේකට එරෙහිව. 225 ම ඉදල වැඩක් නෑ රජයත් තමන්ගෙ රාජකාරිය ඉශ්ඨ කරන්නට ඕන. ඒක පිළිබදව ප්‍රබල විශේෂිත වූ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න ඕන. ඒ නිසා කාරුණිකව මම ඉල්ලීමක් කරනව. මේක බොහොම භයංකාර තත්ත්වයක්. කරුණාකරලා ඒකට පැහැදිලි තිරසර විසදුමක් ලබාදෙන්න ඕන. අපි අපේ පැත්තෙන් දෙන්න පුලුවන් උපරිම සහය ලබාදෙනවා නීතියත් සාමයත් ආරක්ෂාවත් තහවුරු කරන්න. මම මේ ප්‍රශ්නය ඇහුවෙ මේක දේශපාලනීකරණය කරන්න නෙවේ. මේක දේශපාලන භේදයකින් තොරව සියලුම ජනතාව මුහුණ දෙන ප්‍රශ්නයක්. ඒ නිසා කරුණාකරලා මේකට ගන්න පියවර. මේවා තමා වහාම කරන්න ඕන. මේ අනවශ්‍ය සංශෝධන ගේන එක නෙවෙයි. ප්‍රමුඛතාවය තේරිලා නෑ. මේ මහජන ආරක්ෂාව පිලිබද දැඩි අවධානය යොමු කරන්න කියල මම ඉල්ලීමක් කරනවා


ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා


විපක්ෂ නායකතුමා කියපු කාරණාව සමග අපි 100% ක් එකගයි. මේ රටේ සාමකාමීව ජීවත් වන  ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි පෙනී හිටින්න ඕන. හැබැයි වරද්ද තියෙන්නේ, අපි දන්නව පහුගිය කාල සීමාවෙදි මට මතකයි 2015 න් පස්සේ විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා 2015 වෙනකොට එදා මහින්ද රාජපක්ෂ මහත්මයා පරදිනකොට ඒ පරදින එකේ පසුබිම විදේශ රටවල්වලට වෙලා හැංගිලා හිටිය කුඩුකාරයෝ පාතාල මිනිස්සු තමයි එදා සල්ලි වියදම් කරේ එදා තිබිච්ච ආණ්ඩුවට විරුද්ධව. ඒ වගේම 2019 ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පාතාලයේ පාලනය කරන්න හදනකොට එදත් මේ විපක්ෂයේ ඉදගෙන කතා කරපු අය කරේ රටේ සාමය නෑ වෙඩි තියල මරනවා. පාතාලය එක්කන් ගිහින් ආයුධ හොයන්න ගිහින් මරල දානවා කියල ලොකු විරෝධයක් එදත් ගෙනිච්චා. මම කියන්නෙ ඔබතුමා කියන එකට මම 100% ක් එකගයි. ඒ වගේම මතක තියාගන්න අරගලය වෙලාවෙදි සාමකාමී අරගලකාරයෝ මිනිස්සු පාරට බැස්සෙ පීඩනයට. හැබැයි එතනින් පස්සේ ඒකට බුරියානි මාස තුනක් එකදිගට කන්න දෙන්න වියදම් කරේ කවුද. මේවා ආණ්ඩු හොයන්න ඕන. නිකං මනුස්සයෙකුට එහෙම කන්න දෙන්න බෑ. ඒවට වියදම් කරේ පාතාලය කුඩුකාරයෝ. උන් තමයි අද මේ රට පාලනය කරන්න හදන්නෙ ගරු නියෝජ්‍ය කතානායකතුමණි. දැන් වර්තමානයේ ටිරාන් අලස් ඇමතිතුමා යුක්තිය වැඩසටහන කරනවා. අපි දන්නව ගම්මට්ටමේ විශාල ප්‍රමාණයක් අහුවෙනවා. අද කුඩු කිලෝව කුඩු පොඩ්ඩ වගේ සියගුණයකින් වැඩිවෙලා තියෙන්නෙ කුඩු නැතිවෙන හින්දා. හැබැයි එහෙම කරනකොට මානව හිමිකම් කියල පාතාලයෙ එකාගෙ කුඩුකාරයා වෙනුවෙන් පෙනීහිටිනව මිසක් අපි කණ්ඩායමක් හැටියට මේ රටේ සමස්ත ජනතාව වෙනුවෙන් සාමාන්‍ය මිනිස්සුන්ගෙ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිටින්න ඕන. ඒ නිසා මීට වඩා තද තීන්දු ගන්න ඕන. දැන් වසන්ත මැරුණාම අපි මේකෙ ඇතුළෙ කෑගහල කතා කරනවා. හැබැයි මේ වගේ වගේ මිනුවන්ගොඩ තමා වැඩිම පාතාලෙ ක්‍රියාත්මක උනේ. පහුගිය කාලේ වෙඩි තියාගත්තා හයක් මැරුණා. අපෙ ගෙවල්වලට ගිනි තියන්න ආවෙ පාතාලේ.මම තමා මිනුවන්ගොඩ වැඩිම කුඩු එකා එලෙව්වෙ. ඒ තරහා තමා මගෙන් පිරිමැහුවේ. ඒකට රජයෙ පොලිසියෙ නිලධාරීනුත් අහු උනා. ඉතින් ඒ ගැන කතා කලේ නෑ ඒ කාලේ. දැන් මේ කෙනෙකුට උනාම කතා කරන එක නෙවේ. අපි ඒ අදාල ආරක්ෂක අංශවලට මේ අයට උදව් කරන්න ඕන. ඔබතුමන්ලා උදව් කරන්න පෙනීහිටින්න එපා කුඩුකාරයෝ වෙනුවෙන්. මමනං කියන්නෙ පාතාලේ ගහල දාලා හරි ඉවරකරන්න ඕන. කරලා එතකොට කියන්නෙපා ඒ මිනිස්සුන්ගෙ මානව හිමිකම් කියල. හැබැයි මේ රටේ හැමෝටම බයක් නැතුව මහපාරට බැහැල ඇවිදින්න වාතාවරණයක් ඇතිකරන්න නම් තදින් නීති ගන්න ඕන.


විපක්ෂ නායක සජිත් ප්‍රෙමදාස මහතා


මේකට වැරදි අර්ථකථනයක් දෙන්න එපා. අපි පාතාලය කුඩුකාරයෝ වෙනුවෙන් අපි කවදාවත් පෙනී ඉදලා නෑ. මම දන්නෑ ඔබතුමා දන්නවද කියල මිනුවන්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෝ ලොකු භීතියකින් හිටියා. කප්පම් ව්‍යාපාරය නිසා. එතකොට ඒ ව්‍යාපාරිකයො වෙනුවෙන් මේ සභාවෙදි මම කතා කරා. මේ සභාවෙදි මම ඒ ප්‍රශ්නය මතුකරා. පාතාලය කුඩුකාරයෝ වෙනුවෙන් මේ අපි කිසිවෙක්වත් පෙනී ඉදලත් නෑ. පෙනී ඉන්නෙත් නෑ. ඒ නිසා ඒක නිවැරදි කරන්නට ඕන. ඒ නිසා මිනුවන්ගොඩ ඔය ඔබතුමා කතාකරන ඒ භීෂණය අදටත් ක්‍රියාත්මක වෙනවා. අදටත් තර්ජනය කර කට කප්පම් ඉල්ලනවා. හැබැයි අපි මේ පාර්ලිමේන්තුවේ මතු කරලා ආරක්ෂක අංශවලින් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරාට පස්සෙ ඒ පීඩනයට ලක් වුණු ප්‍රමාණය පොඩි අඩුවීමක් තියෙනවා. ඒත් අදටත් ඒ කප්පම් ව්‍යාපාරය ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මොනම හේතුවකටවත් ප්‍රසන්න ඇමතිතුමා අපි කවදාවත් පාතාලය වෙනුවෙන් කුඩුකාරයෝ වෙනුවෙන් කවදාවත් පෙනී ඉදලත් නෑ. පෙනී ඉන්න යන්නෙත් නෑ. ඒවට බය වෙන්නෙත් නෑ.


ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා


හිටියයි කියල කිසිම අවස්ථාවක මම ප්‍රකාශ කරේ නෑ. පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව මම කිව්වේ ඒ දවස්වල අරන් ගිහිල්ල පාතාලයෙන් පොලිසියෙන් යම් මෙහෙයුම් කරනකොට පොලිස් නිලධාරීන්ට විරුද්ධව මානව හිමිකම් පරීක්ෂණ කරන්න කියල මේ පාර්ලිමේන්තුවෙ අපි කතා උනා. ඔබතුමන්ල කතා උනා.ඔබතුමා කරා කියන එක නෙවේ. මම ඒ ගැනයි කීවෙ. ඒක වරදවා තේරුම් ගන්න එපා. තුන්වෙනි කාරණාව මේ පාතාලය මම ගම්පහ දිස්ත්‍රික්කයේ නරකම තැනක් තමයි මේ මිනුවන්ගොඩ හා අවට ප්‍රදේශ දැන් STF එක දාලා ඒ පැත්‍තට පාලනය කරල තියෙනවා. ඒක අපි ස්තූතිවන්ත වෙනවා ටිරාන් අලස් ඇමතිතුමාට. ඒ කාරණාව පිළිබද. හැබැයි එහෙමයි කියල කඩවලට සල්ලි දුන්නැත්තං බය කරනවා, මිනිස්සුන්ව බය කරල මේක මහ ජරා විදියට යන දෙයක් ඒ නිසා මමනං එකහෙලා කියනවා මේක ඕන විදියට ප්‍රචාරය උනත් කමක් නෑ පාතාලය මර්ධනය කරන්න වෙනම වැඩපිලිවෙලක්, අරන් උසාවි දාලා හිරගෙවල්වලට දාන්න නෙවේ. ඊළගට ඒ එවුන්ටත් කන්න දෙන්නෙ අපිමයි. මේ රටේ අහිංසක මිනිස්සුමයි. ඒනිසා කරන එකක් කරල ඉවරයක් කරන්න ඕන. නැත්තං මේක දිගට ගෙනියන්න පුලුවන් දෙයක් නෙවේ.


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා


රවිරාජ් මරපු අය අල්ලන්න ඕන. ජෝශප් පරරාජසිංහ මරපු අය අල්ලන්න ඕන. මහේශ්වරම් මරපු අය අල්ලන්න ඕන. කීත් නොයා‍ර්,උපාලි තෙන්නකෝන්, ඒ අය මරපු අය අල්ලන්න ඕන. ඒ අය විදපු දුක වෙනුවෙන් අපි කතා කරල තියෙනවා. එහෙම මිසක් අපි කවදාවත් පාතාලකරුවන් වෙනුවෙන්. ලසන්ත වික්‍රමතුංග මැතිතුමාගෙ හොදම යාලුවනෙ දැන් රටේ ඉන්න ජනාධිපතිතුමා. කෝ ලසන්ත වික්‍රමතුංගට යුක්තිය සාධාරණය ඉෂ්ඨ කරනවා. මම මේ කතා කරන්නෙ ඒක විතරක් නෙවෙ. පැහැදිලිවම මට කියන්න ඕන මේ පාතාලය මේ මිනිමැරුම මේ ක්‍රියාදාමය මර්ධනය කරන්න විධිමත් වැඩසටහනක් රජය ක්‍රියාත්මක කරන්නට ඕනකියන එකයි මගේ යෝජනාව.


ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා


මෙතුමා මේ කියපු කාරණාවට මම මේ කාරණාව කියන්නෙ. ඒ දේශපාලනඥයෝ විතරක් නෙවෙ මෙ රටෙ සාමාන්‍ය මිනිස්සුත් ඝාතනය උනා. දැන් අරගලය වෙලාවෙදි කවුද මෙහෙව්වෙ අරගලය ඔය සජබෙයි ජවිපෙයි තමයි මගේ ගෙවල් ගිනි තියන්න ආවේ. එව්වත් ඔය වගකීමෙන් කියනවා විපක්ෂ නායකතුමණි. ඔබතුමා මට අභියෝග කලොත් මම වීඩියෝ දාලා මම පෙන්නනවා. මම 2023 පොසොන් දවසෙ මම පෙන්නුවා නම් ගම් ඇඩ්‍රස් ඔක්කොම දැම්මා මිනිස්සුන්ගෙ.මොකද ලංකාවෙ මගෙ විතරයි තියෙන්නෙ ගෙවල් ගිනි තියන වීඩියෝ එකක්. මෙව්වට බයේ නෙවේ මම මේ කතා කරන්නෙ. මෙතුමා කියන දේට මම එකගයි. ඔබතුමා මේ දේශපාලනඥයො ගැන විතරක් කියනවා. ඒක ඇත්ත මිනිසු මරපු එකත් වැරදි. හැබැයි මේ රටේ පාතාලෙ මරනකොට ඔබතුමන්ලා මේ පාර්ලිමේන්තුව තුළ මේ රට පොලිසියෙන් මෙහෙයුම් කරනවා, අහිංසක මිනිසු මරනව කියපු උන් පාතාලෙ උන් මරද්දි. මමනං කියන්නෙ මරන්න ඕන. මම ප්‍රසිද්ධියෙ කියන්නෙ. මම මේ හංගලා කතා  කරන්නෑ.මෙහෙම නැත්තං මේ රටේ සාමකාමීව ජීවත් වන මිනිස්සුන්ට ජීවත්වෙන්න බෑ. ඒකට ඔබතුමන්ලා අපි එක්කහු වෙන්න ඕන. එක්කහු වෙලා අපි මේ වෙනුවෙන් පෙනීසිටිමු. කරන මීස්සුන්ට උදව්කරමු.පොලිසියට සහයෝගය දෙමු.


– ප්‍රදීප් අනුර කුමාර
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka