නීති විරෝධීව ලබාදී ඇති පත්වීම් වහා අවලංගු කරන ලෙස සියලු පළාත් ආණ්ඩුකාරවරුන්ට ලිඛිතව දැනුම් දුන් බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව එම නීතිය බලපවත්වන කාලය තුළ කිසිදු දේශපාලන පක්ෂයක් ,අපේක්ෂකයෙක් මෙන්ම කණ්ඩායමක් ප්‍රවර්ධනය නොවන සේ කටයුතු කළයුතු බව එම කොමිෂම පවසයි.
එසේ තිබියදී ඇතැම් පළාත් ආණ්ඩුකාරවරුන් විසින් පළාත් පාලන ආයතන වල සංවර්ධන කටයුතු අධීක්ෂණය කිරීමට හිටපු පළාත් පාලන නියෝජිතයන් හා පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා බාරදී ඇති අපේක්ෂකයන්ට පත්වීම් ප්‍රධානය කර ඇතිබවට මැතිවරණ නිරීක්ෂකයන් පැමිණිලි ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව එසේ දී ඇති පත්වීම් වලංගු කරන ලෙසත් ලබාදීමට සූදානම් කර ඇති පත්වීම් පිරිනැමීමෙන් වලකින ලෙසත් පළාත් ආණ්ඩුකාරවරුන්ට දැනුම් දුන් බව මැතිවරණ කොමිසම පවසයි.
මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයාටද ලිඛිතව දැනුම් දී තිබේ.
මේ අතර පළාත් පාලන ආයතන වල රාජ්‍ය සම්පත් අවබාවිතය වහාම නතර කරන ලෙස පලාත් ප්‍රධාන ලේකම්වරුන්ට සහ පළාත් පාලන කොමසාරිස්වරුන්ට ලිඛිතව දැනුම් දුන් බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
– නාගොඩ සුමන උදයන්ත
