ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීමට තමන් සූදානම් බව කෝටිපති ව්‍යාපාරිකයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා ප්‍රකාශ කර තිබේ.
“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා පිළිබඳ තීරණයක් ගන්නා තුරු මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානම්. මගේ ජයග්‍රහණය වෙනුවෙන් දිගටම කටයුතු කරන අතරේ ඔවුන්ගේ තීරණය මම බලාගෙන ඉන්නවා.” යනුවෙන් ඔහු පවසා ඇත.
ධම්මික පෙරේරා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීයවේදීන් සඳහා වූ මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට අද පෙරවරුවේ එක්වෙමිනි.
ආර්ථික සංවර්ධනයට ඇති කැපවීම අවධාරණය කරමින් ඔහු ප්‍රකාශ කළේ “මගේ මූලික අවධානය ආර්ථිකය දියුණු කිරීමටයි. මම වේදිකාවට ගොඩ වෙනවා නම් මම ආර්ථිකය දියුණු කිරීමට සැලසුම් කරන ආකාරය පැහැදිලි කළ යුතුයි. ඒ නිසා මම මේ වන විට ආර්ථික වැඩපිළිවෙළක් සකස් කරමින් ඉන්නවා.” යනුවෙනි.
