මාදම්පේ බස් අනතුර… තුවාල කරුවන් 28යි.. 28ටම බරපතල තුවාල… 3 කට ඉතා අසාධ්‍යයි… එක් තුවාල කරුවෙක් ජාතික රෝහලට මාරු කරයි
අද (04) උදේ 8.45ට පමණ මාදම්පේ ඉරට්ටකුලම ප්‍රදේශයේ සිදුවූ බස් ලොරි අනතුරින් තුවාල ලද 28 සියලු දෙනාටම බරපතල තුවාල සහිත බවත් ඉන් තුන් දෙනෙකුට ඉතාම අසාධ්‍ය බවත් රෝහල් ආරංචි මාර්ග කියයි.
ලංකාසර කළ විමසීමකදී හලාවත රෝහල් අධ්‍යක්ෂවරයා පැවසුවේ ඉතා අසාධ්‍ය තත්ත්වයේ ඉන්නා තිදෙනාම දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර සැත්කම් සිදුකරමින් සිටින බවත් එක් තුවාල කරුවෙක් මේ වනවිට කොළඹ ජාතික රෝහට ඇතුළත් කර ඇති බවත් ය.
අනතුර සිදුවන්නේ පෑලියගොඩ පුත්තලම මාර්ගයේ මාදම්ප ඉරට්ටකුලම ප්‍රදේශයේ දී ය. හලාවතට සිට කොළඹට මාර්ග අංක 4 දරන හලාවත ඩිපෝවට අයත් ලංගම බස් රථය ඒ දෙසට්‍ම ගමන් ගන්නා ලොරි රථයක ලංගම බස් රථය ගැටීම හේතුවෙන් මෙම අනතුර සිද්ධ වි තිබිණි.
බස්රථයේ බඳ කොටස ලොරි රථයේ ගැටී ඇති බවත් වැසි සහිත කාලගුණ තත්ත්වයක සිදුවූ මෙම අනතුර සිදුවන වාහන දෙකේම රියදුරන් රෝහල්ගත කර ඇති බවත් පොලිසිය පවසයි. මාදම්පේ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
මාදම්පේ බස් අනතුර… තුවාල කරුවන් 28යි.. 28ටම බරපතල තුවාල… 3 කට ඉතා අසාධ්‍යයි… එක් තුවාල කරුවෙක් ජාතික රෝහලට මාරු කරයි
2024-07-04T14:27:00+05:30
Gossip Lanka Hot News






