අද පෙරවරුවේ අතුරුගිරිය ඔරුවල ප්‍රදේශයේදී සිදු කරන ලද වෙඩි තැබීම සදහා වෙඩික්කරුවන් පැමිණි වාහනය පොලිසිය විසින් සොයාගෙන තිබේ.
මෙම වෙඩි තැබීමෙන් ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා සහ තවත් පුද්ගලයෙකු මරණයට පත්ව තිබේ.
තුවාල ලැබූ පුද්ගලයන් හය දෙනෙකු රෝහල් ගත කර ඇති අතර ඉන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල වෙයි.
ගායන ශිල්පිනී කේ සුජීවා මහත්මියට අයත් ආයතනයක් විවෘත කිරීමේ අවස්ථාවකට සහභාගි වූ අවස්ථාවක මෙම වෙඩි තැබීම සිදුකර ඇත.
වෙඩි වැදීමෙන් ඇයද තුවාල ලබා බරපතළ තත්වයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
2024.07.08 වන අද දින උදෑසන කාලයේ අතුරුගිරිය පොලිස් වසමේ කඩුවෙල පාර, අතුරුගිරිය ප්‍රදේශයේදී සිදු කල වෙඩි තැබීමකින් පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් මිය ගොස් තවත් පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවන් තිදෙනෙකු තුවාල ලබා ඇත.
මරණකරුවන් අවුරුදු 55 හා 38 වයස් වල පසුවන කොළඹ 07 හා අතුරුගිරිය ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
තුවාල ලැබූ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රථිකාර ලබන අතර අනෙක් කාන්තාවන් දෙදෙනා හෝමාගම රෝහලේ ප්‍රථිකාර ලබයි.
සැකකරුවන් කාර් රථයකින් පැමිණ ඇති බවට හා වෙඩි තැබීම සඳහා ටී 56 ගිණි අවි 02 ක් භාවිතා කර ඇති බවට දැනට සිදු කරන ලද විර්මශනයේ දී අනාවරණය වී ඇත. අතුරුගිරිය පොලිසිය වැඩිදුර විමර්‌ශන සිදු කරනු ලබයි.