පුද්ගලයෙකුට පන්සලේදී ඉදලකින් ගහලා... මහින්තලා හිමි අත්අඩංගුවට අරන් ඇප මත නිදහස් කරලා!
සංචාරක මග පෙන්නන්නෙකුට ඉදලකින් පහර දුන්නේ යැයි මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුණ වැවේ ධම්මරතන හිමියන්ට එරෙහිව අනුරාධපුර අධිකරණයේ නඩුවක් විභාග වෙමින් තිබේ.
අදාළ නඩුවට වසර 15ක පමණ කාලයක් ගතවී ඇතත් පැමිණිලිකරුගේ වෛද්‍ය වාර්තා මෙතෙක් ඉදිරිපත් නොකර සිටීමට හේතුව කුමක් දැයි එම නඩුවේ යලි කැඳවූ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරිය පොලීසියෙන් විමසා සිටියාය.
මිහින්තලේ නුවර පාරේ පදිංචි සංචාරක මග පෙන්වන්නෙක් වන අදාළ පැමිණිලිකරුට මිහින්තලා පුදබිමේ මැද මළුවේදී මිහින්තලා විහාරාධිපති හිමියන් විසින් ඉදලකින් පහර දුන් බවට මෙම චෝදනාව එල්ල වී තිබේ.
අදාළ චෝදනාව සම්බන්ධයෙන් මිහින්තලේ හිමියන් පොලිසිය විසින් මීට වසර 15 කට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදාහැර සිටී.
පුද්ගලයෙකුට පන්සලේදී ඉදලකින් ගහලා... මහින්තලා හිමි අත්අඩංගුවට අරන් ඇප මත නිදහස් කරලා!
2024-07-12T10:50:00+05:30
Gossip Lanka Hot News






