gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විපක්ෂ නායක කාර්යාලයේ කරපු දේවල් නායකයගේ භාර්යාවගේ අතටම අහුවුනා – හර්ෂණගේ ගණිකා කතාවට රාජිත උත්තරදෙයි

කළුතර දිස්ත්‍රික්කයේ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු දෙදෙනෙකු ආණ්ඩුවේ ඇමති ධුර ලබා ගැනීමට නියමිත බවත් ඔවුන් දේශපාලන ගණිකාවන් බවත් පසුගියදා එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සඳහන් කර සිටි අතර ඊට ප්‍රතිචාර දක්වමින් එම පක්ෂයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි.

එහිදී ඔහු සඳහන් කර සිටියේ දේශපාලන ගණිකාවන් ගැන කතා කළ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ගණිකාවන් ගැන හොඳින්ම දන්නා බවත් ඔහු විපක්ෂ නායක කාර්යාලයේ සිදු කළ එවැනි කටයුත්තක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ භාර්යාව ජලනී ප්‍රේමදාසගේ අතටම හසු වූ බවත්ය.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ,

“එක්කෙනෙක් මේ පසුගිය දවස්වල කියල තිබුණා, කළුතරෙනුයි, ගම්පහෙනුයි දෙන්නෙක් යනවය ඒගොල්ලෝ දේශපාලන ගණිකාවන් කියලා. ඔය කතා කරන ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයා ගණිකාවො ගැන හොඳට දන්නවා. මොකද මේ ලඟදී, විපක්ෂ නායක කාර්යාලයේ ඒ වගේ වැඩක් කරන්න ගිහිල්ලා, විපක්ෂ නායක කාර්යාලය කියන්නේ රජයෙන් දෙන කාර්යාලයක්. ඒක පොදු මහජන දේපළක්. ඒක පක්ෂ දේපළක් නෙවෙයි.

මෙන්න මේ විපක්ෂ නායක කාර්යාලයේ ලේකම් වරයාගේ කාමරේ කරපු වැඩ අන්තිමට, ඒක අතටම අහු වෙලා නායකයාගේ භාර්යාවට අන්තිමට භාර්යාව ඉදිරියේ වැඳවැටුනා සොරී මැඩම්, සොරී මැඩම්, සමාවෙන්න මැඩම්, සමාවෙන්න මැඩම් කිය කියා. මෙන්න මේ වගේ මිනිස්සු තමයි. තමන්ගේ තාත්තලාගේ නම් කියලා දේශපාලනේට ආපු මේ වගේ ගණිකාවන්ට හිතෙන්නේ අනික් කට්ටිය ගණිකාවන් කියලා. එහෙම තමයි කියන්නේ. ගණිකාවක් වුනත් අනික් සාමාන්‍ය තරුණියක් දැක්කාම හිතනවා එයා ගණිකාවක් කියලා.

ඒ නිසා මේ අය තමන්ගේ වීදුරු ගෙවල්වල ඉඳලා ගල් ගහන්න එන්න ලෑස්තිවෙන්න එපායි කියලා මම කියනවා.” යනුවෙනි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka