gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මධුෂ් සමග බිස්නස් කල ව්‍යාපාරිකයින්, දේශපාලකයින් කංජිපානිගෙන් බේරෙන්න පාතාලයේ සහාය ඉල්ලයි

මාකඳුරේ මධුෂ් සමග මුදල් ආයෝජනය කර ඔහුගේ මරණයෙන් පසුව එම මුදල් සඟවාගත් දේශපාලනඥයන් කීප දෙනකු සහ මධුෂ් සමග ගනුදෙනු කළ බොහෝ දෙනකු කන්ජිපානි ඉම්රාන්ගෙන් බේරීමට විවිධ පාතාල කණ්ඩායම්වල සහාය ඉල්ලා ඇති බවට ආරංචි මාර්ග පවසනවා.

මාකඳුරේ මධුෂ් ආයෝජනය කළ රුපියල් කෝටි ගණනක් ආපසු නොදී වංචා කළ චෝදනාවට ක්ලබ් වසන්ත නමැත්තා අතුරුගිරියේදී වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසුව මෙම ඉල්ලීම් සිදුකර ඇති බවයි ඩුබායිවලින් ලැබෙන තොරතුරුවලින් තහවුරු වී ඇත්තේ.

ඒ ,අනුව මධුෂ්ගේ මරණයෙන් පසු ඔහුගේ මුදල් වංචා කළ බොහෝ දෙනකු ක්ලබ් වසන්තගේ ඝාතනයෙන් පසු බියට පත්ව විවිධ පාර්ශ්වයන් ඔස්සේ කංජිපානි සමග ගනුදෙනු බේරා දෙන ලෙස ඉල්ලීම් කර ඇතැයි දැනට ඩුබායිහි සිටින පාතාල කල්ලි ප්‍රබලයන් මෙරට සිටින ඔවුන්ගේ නියෝජිතයන්ට දන්වා ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

එමෙන්ම මාකඳුරේ මධුෂ්ගේ මරණයෙන් පසුව ඔහුගේ ව්‍යාපාරික ජාලය අතට ගනිමින් මධුෂ්ට හිතවත් ගෝලයන් පවා ඝාතනය කළ හරක් කටා පාර්ශ්වයත් අතුරුගිරියේ සිද්ධියෙන් පසුව බියට පත් වී ඇති බවත්, මාකඳුරේ මධුෂ් සමග සිටි රොටුඹ අමිල, ලොකු පැටී, පොඩි පැටී ඇතුළු කණ්ඩායම් කන්ජිපානි ඉම්රාන්ගේ සහාය මැද මධුෂ්ගේ ජාලයේ මුදල් එකතු කිරීමටත් මධුෂ් ඝාතනයේ පළිය ගන්නටත් පටන් ගැනීමත් සමග ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් බියට පත්වී ඇති බවත් වැඩිදුරටත් වාර්තා වෙනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka