අචාර්ය ජයම්පති වික්‍රමරත්න විසින් අත්දැකීම් අඩු කමින් නොසලකා හළ බව ජනාධිපතිවරයා කියන 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්තිය සම්බන්ධව ජනාධිපතිවරයා ජාතියෙන් සමාව ඉල්ලීමට කලබල විය යුතු නැති බවත්, ඔහුට ජාතියෙන් සමාව ඉල්ලනවා නම් එසේ ඉල්ලිය යුතු කරුණු ගණනක් ඇති බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්.ඒ සුමන්තිරන් පවසයි.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වැනි ව්‍යවස්ථාවට අත නොතැබීම එම සංශෝධණය කෙටුම්පත් කරනවිට රනිල් වික්‍රමසිංහ ප්‍රධානත්වය දරන කැබිනට් කමිටුවක් තිබුණ බවත්, එම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේත් රනිල් වික්‍රමසිංහ එවකට සිටි අගමැතිවරයා විසින් බවත් කී සුමන්තිරන් මන්ත්‍රීවරයා අවධාරණය කළේ 83වැනි ව්‍යවස්ථාව සංශෝධනය නොකිරීම නිසා ගැටලුවක් ඇතිවී ඇතැයි පැවසීම එතුමාද දන්න පරිදි බොරුවක් බවය.
ජනාධිපති නීතිඥ එම්.ඒ.සුමන්තිරන් මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය.
අපි 19 වැනි සංශෝධනයේ ධූර කාලය වසර 6 වසර 5 කරනකොට අපි ඒකට අත ගැහුවේ නෑ. ඒ කාලයේ ආණ්ඩුව කිව්වේ අපි ජන මත විචාරණයකින් තොරව කරන්න පුලුවන් දේවල් කරන්නම් කියලා.
ඒ ප්‍රතිපත්ති තීන්දුව ගත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති වශයෙන් හිටපු රනිල් වික්‍රමසිංහ මහත‍්මයා. රනිල් වික්‍රමසිංහ මහත්මයා තමයි අග්‍රාමාත්‍යවරයා වශයෙන් ඒ 19 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කළේ.
ඒක ඩ්‍රාෆ්ට් කරන වෙලාවේ කැබිනට් කමිටුවක් තිබුණා. ඒ කැබිනට් කමිටුවේ ප්‍රධානියා එයා. එයා තමයි මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මේකමයි කියලා 83 වැනි ව්‍යස්ථාවට අත ගහන්නේ නැතිව මේක ඉදිරිපත් කළේ.
දැන් ඊයේ පෙරේදා එතුමා ගාල්ලෙදි කියලා තියනවා මේක ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න මහතා අතින් සිදුවුන වරදක් කියලා. ඒකෙන් ජාතීන්ගෙන් සමාවකුත් ඉල්ලලා තියනවා.
මේ තීරණය වෙන කවුරුත් ගත්තේ නෑ. මේ තීරණය ගත්තේ රනිල් වික්‍රමසිංහ මහත්මයා ප්‍රමුඛ ආණ්ඩුවක්. ඒ ජන මත විචාරණයකින් තොරව කරන්න පුලුවන් දේවල් කරන්නම් කියලා රටට කියලා, එතුමාම ඒ සංශෝධනය ඉදිරිපත් කරලා එතුමා දැන් වෙන කවුද අතින් වරදක් වුනා. මම ජාතියෙන් සමාව ඉල්ලනවා කියලා.
ජාතියෙන් සමාව ඉල්ලනවා නම් එයා සමාව ඉල්ලන්න ඕන දෙවල් කීපයක් තියනවා. ඒත් මේක නෙමෙයි.
මේ වෙලාවේ මේක සංශෝධනය කරන්න ඕන කියලා කවුරුත්ම කියන්නේ නෑ. ඒකට උවමනාවක් නෑ. නිකම් කලබල කරලා, ජනාධිපති කාලය පහද හයද කියලා සැකයක් තියනවා කියලා කරන බොරුවක් මිසක් මෙතන වෙන මුකුත් නෑ. 83 සංශෝධනය නොකිරීම නිසා ගැටලුවක් තියනවා කියන එක එතුමාත් දන්න පරිදි බොරුවක්.
ඒ නිසා මේ වෙලාවේ ගේන්න ඔන නෑ.
ජනාධිපති නීතිඥ එම්.ඒ සුන්තිරන් පැවසුවේය.