gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හොරබඩු මහ තොගයක් පැන්නූ රේගු නිලධාරීන් පිරිසකගේ වැඩ තහනම්!

රටේ ආර්ථිකයට බලපාන්නා වූ එමෙන්ම ජනතාව සමඟ සම්බන්ධ වැදගත් ආයතනයක් වූ රේගු දෙපාර්තමේන්තුවේ සේවය කරන විනය විරෝධී ලෙස කටයුතු කළ නිලධාරීන් පිරිසකගේ වැඩ තහනමට ලක්කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

පසුගිය ජනවාරි මාසයේදී පමණ මෙරටට ගෙන්වනු ලැබූ බහාලුමක රූපලාවන්‍ය උපකරණ සහ දියර පොහොර අඩංගුව තිබී ඇති අතර ඒවා ආනයනය කිරීම සඳහා නිසි අවසරයක් ලබාගෙන නොතිබූ නිසා එම බහාලුම රඳවා තබා ගැනීමට කටයුතු කළ බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

රූපලාවන්‍ය උපකරණ ගෙනඒම සඳහා ඖෂධ නියාමන අධිකාරියේ අවසරය අවශ්‍ය වන අතර දියර පොහොර රැගෙන ඒම සඳහා ආනයන අපනයන බලපත්‍රයක් ලබාගත යුතු ය.

එවන් අවශ්‍යතා කිසිවක් සපුරා නොතිබියදී පසුගිය සතියේදී නිලධාරීන් පිරිසක් විසින් මෙම බහාලුම නීති විරෝධි ලෙස මුදාහැර ඇති අතර , ඊට සම්බන්ධ සියලු නිලධාරීන්ට විරුද්ධව විනයානුකූලව කටයුතු කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ ය.

– Media unit
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka