පුහුණු කාරිත්වය භාරගත් අවස්ථාවේ සිය මුල්ම කටයුත්ත ලෙස පච්ච සිරාලා ලෙස පෙනෙන ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ කොණ්ඩා කප්පවා, කරාබු ගලවා වැදගත් පෙනුමක් සහිත මූලික විනය හදන්නට නව තාවකාලික පුහුණුකරු සනත් ජයසූරිය කටයුතු කර ඇතැයි ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු පවසයි.
ඇමතිවරයා පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිය ආකල්ප වෙනස් කරගත්තා නම් මේ තරම් ජනතා අප්‍රසාදයකට පත් නොවන බවය.
“ක්‍රීඩකයින් නිහතමානී උනා නම්, ආකල්ප වෙනස් වුනා නම් මැච් පැරදුනා කියලා ලංකාවේ ක්‍රීඩකයින්ට ලංකාවේ මිනිස්සු මෙතෙක් කල් බැනලා නෑ . මිනිස්සු හරියට ආදරය කළා.”
“ඒ නිසා මම හිතනවා දැන් වෙනසක් වේවි. ලංකාවේ පුහුණුකරුවා ලෙස තාවකාලිකව නව පහුණුකරුවෙක් ඇවිත් තියනවා. මට ආරංචි විදිහට
එතුමා මුලින්ම කර ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ කොණ්ඩා කපා කරාබු ගලවලා සියලු දේවල් කරලා තියනවා.”
“ක්‍රීඩාවට විනය කියන දෙයක් අවශ්‍ය වෙනවා. සනත් ජයසූරිය වගේ ක්‍රීඩකයො ක්‍රීඩා කරද්දි ඔවුන් හොඳ විනයකින් ක්‍රීඩා කළා. ක්‍රීඩාවට ලොකු ලෙන්ගතු කමක් තිබුණා. ක්‍රීඩාවට ආදරය කළා. ආරම්භය හොඳට මතක් කරන් හිටියා. ”
“දැන් ඉන්න නූතන ක්‍රීඩකයින්ට පොඩි අඩුවක් තියනවා. ඒක ඔවුන්ගේ වරදක් නෙමෙයි. ඒක මේ කාලය පිළිබඳ ප්‍රශ්නයක්. අපේ දරුවො උනත් අපේ දරුවන්ගේ දරුවො උනත් යනකොට ඔවුන්ගේ ආකල්ප හරියට හදන්න ක්‍රීඩා කණ්ඩායම්වල පුහුණුකරුවො ක්‍රීඩා සංගම් සිය සංයුතීන් වෙනස් කළ යුතු බවයි මගේ පුද්ගලික මතය. ” ක්‍රීඩා ඇමති හරින් ප්‍රනාන්දු කීවේය.