gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

විජේදාස තලා ජනාධිපති 22 ගැසට් කිරීමෙන් ආණ්ඩුව දෙදරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විසි දෙවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් මගින් නිවේදනය කිරීමත් සමඟ ආණ්ඩුව තුළ බරපතළ මතබේද ආරම්භ වී ඇති බව වාර්තාවේ.

ජනාධිපතිවරයාගේ නිල කාලය අවුරුදු පහක් ලෙස නිශ්චිත කිරීම මෙම සංශෝධනයෙන් බලාපොරොත්තු වෙයි.

අධිකරණ අමාත්‍යවරයා හා ජනාධිපතිවරයා එක්ව ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ලෙස මෙය කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබුණි.

කෙසේ නමුත් මෙය ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීම ජනාධිපති මැතිවරණයෙන් පසුව සිදුකරන ලෙස අධිකරණ අමාත්‍යවරයා විසින් එහි ලේකම්වරයාට උපදෙස් දී තිබිණි.

නමුත් ඊට පැය විසි හතරක් ඉක්ම යාමට පෙර ජනාධිපතිවරයා අධිකරණ අමාත්‍යවරයාගේ තීරණයට ඉහළින් ගොස් ගැසට් පත්‍රයේ නිකුත් කිරීම නිසා ආණ්ඩුව අභ්‍යන්තරයේ ගැටලු රැසක් ගැටලු උත්සන්න වී ඇත.

මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කළත් සතියක් යනතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොහැකි නොහැකි බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka