හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ නිවස අරගලය අවස්ථාවේදී ගිනි තබා විනාශ කිරීමෙන් පසුව ඔහුට තාවකාලිකව කුලී පදනම මත රැඳී සිටීම සඳහා මාසික මන්ත්‍රී වැටුපෙන් 10% මුදලක් අයකර ගැනීමේ ගිවිසුමක් මත රජය විසින් මහනුවර මලබාර් වීදියේ මධ්‍යම පළාත් මහ අමාත්‍ය නිල නිවස දෙනු ලැබුවෙිය.
සෞඛ්‍ය අමාත්‍ය ධූරයේ සහ පරිසර අමාත්‍ය ධූරයේ කෙහෙළිය රඹුක්වැල්ල සිටි කාලය තුළදී එම අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ මාර්ගයෙන් අදාල මුදල් මධ්‍යම පළාත් සභාවට ලැබී තිබුණද බන්ධනාගාර ගතවීමෙන් පසු එම මුදල් ලැබීම නතර වී ඇති අතර මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යාංශය එම මුදල් අය කිරීමට පාර්ලිමේන්තුවේදී මහ ලේකම්වරියගෙන් පසුගියදා ඉල්ලීමක් කර ඇත.
එම අවස්ථාවේදී පාර්ලිමේන්තු මහ ලේකම්වරිය සදහන් කළේ, මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් මුදල් අය කර ගැනීමේ බලයක් ඇතත් පිටස්තර නිවාස වෙනුවෙන් මුදල් අය කර ගැනීමේ බලයක් තමාට නැති බවයි.
කෙසේ වෙතත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් මධ්‍යම පළාත් සභාවේ මහනුවර නිල නිවස සඳහා කුලිය තම මන්ත්‍රී වැටුපෙන් කපා ගැනීමට කැමැත්ත පළ කරමින් පාර්ලිමේන්තු මහ ලේකම්වරියට ලිපියක් එවා ඇත.