මහනුවර අධිකරණ ගොඩනැගිල්ලේ බෝම්බයක් ඇතැයි පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද දුරකථන ඇමතුමක් මත එහි සියලු නඩු කටයුතු නවතා දමා තිබේ.
අද පෙරවරුවේ මෙම දුරකථන ඇමතුම ලැබීමත් සමග පොලිසිය විශේෂ කාර්ය බලකාය හා බෝම්බ නිෂ්ක්‍රීය අංශය එක්ව එම හදිසි පරීක්ෂාව සිදු කරමින් ඇත.
කෙසේ වෙතත් අදාළ දුරකථන ඇමතුම ව්‍යාජ එකක් යැයි තහවුරු වුවහොත් තොරතුර ලබා දුන් ුද්ගලයා සම්බන්ධයෙන් විමර්ශන කොට ඔහුට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද පොලිසිය කියා සිටී.