gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පක්ෂ මූලස්ථානයට ඇතුළු වීමට ඉඩ නොදලද දයාසිරි පොලිසි යයි!

පක්ෂ මහ ලේකම්වරයා ලෙස කටයුතු කිරීමට තමන්ට අධිකරණයෙන් අවසර ලබා දීමෙන් අනතුරුව සිය රාජකාරි කිරීමට නිදහස් පක්ෂයේ මූලස්ථානයට ඇතුළු වීමට ඉඩ නොදීම සම්බන්ධව සහ එල්ල කළ බාධා කිරීම් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර අද (06) පෙරවරුවේ මරදාන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ඔහුට ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ඇතුළු වීම පොලිස්පතිවරයාගේ උපදෙස් පිට වළක්වා තිබූ බවත් පොලිස්පතිවරයාට එම නියෝගය ලැබී ඇත්තේ නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයාගෙන් බවත් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කීවේය.

”පොලිසිපත්තුමාගෙන් මම මේ ගැන ඇහුවා. ඔහු කිව්වා නිමල් සිරිපාල ද සිල්වා මහත්තයා තමයි මට කතා කළේ, එයත් එක්ක බේරගන්න කියලා. එයත් එක්ක බේරගන්න මට දෙයක් නෑ. මොකද හේතුව මොකද එතුමා අනීතිකව සභාපති ධුරය කියන තනතුර හොබවන්නේ.”

“ඒ සඳහා කිසිම නීතිමය බලයක් එතුමාට නෑ. මේ ක්‍රියාවලියට විරුද්ධව අවශ්‍ය ක්‍රියාමාර්ගයට යන්න තියෙන්නෙ. අපේ බලාපොරොත්තුව තියෙන්නේ උසාවියට අපහාස කිරීම සම්බන්ධව අවශ්‍ය කරන නඩුකරය ගොනු කරන්න. ඒ පැමිණිල්ල අනුව ඉදිරි කටයුතු කරනවා.” දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පැවසුවේය.

මේ සම්බන්ධව දුමින්ද දිසානාය ඊයේ පැවසුවේ පක්ෂයේ මහ ලේකම් තමා බවත් දයාසිරි ජයසේකරගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට නිමල් සිරිපාල ද සිල්වා සභාපතිවරයා තීරණය කර ඇති බැවින් සතියක් තුළ නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙස දයාසිරි ජයසේකරට දන්වන බවත්ය.

දයාසිරි ජයසේකර පොලිස් පැමිණිල්ල දැමීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ පැවසුවේ තමන් කිසිවෙකුට නිදහසට කරුණු දක්වන්නේ නැති බවය. අනීතිකව පත් වුන පිරිසකට තමන්ගෙන් නිදහසට කරුණු විමසිය නොහැකි බවත් ඔහු කීවේය. එමෙන්ම තමන් කිසිම වරදක් කර නැති බවත්, කිසිම පක්ෂයක සාමාජිකත්වය තමන් ලබාගෙන නැති බවත් දයාසිරි ජයසේකර පැවසුවේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka