කුඩු ජාවාරම්කරුවෙක් පියුමි නමට ගත් BMW එලියට පනී!
නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි නමින් මිලට ගන්නා ලද මෝටර් රථයක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ නිවසකින් හමුවී තිබේ.
මෙම පුද්ගලයා ගුවන් මගින් කුෂ් හා කොකෙන් නම් මත්ද්‍රව්‍ය මෙරටට ආනයනය කළ පුද්ගලයෙක් බව පොලිසිය සඳහන් කරයි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ නාවල ප‍්‍රදේශයේ සැගව සිටියදීය.
ඔහු සතුව තිබූ මෝටර් රථය පියුමි හංසමාලි නමින් මිලට ගෙන තිබූ එකක් බව හෙළිදරව් වී ඇත.
එම සුඛෝපභෝගී මෝටර් රථය සඳහා රුපියල් කෝටියක මුදලක් ගෙවා ඇති අතර ඉතිරි මුදල ගෙවීමට නියමිතව තිබි ඇත.
කුඩු ජාවාරම්කරුවෙක් පියුමි නමට ගත් BMW එලියට පනී!
2024-07-06T07:09:00+05:30
Gossip Lanka Hot News






