පසුගිය අරගලය සමයේදී ජනාධිපති ලේකම් කාර්යාලයට අවසරයකින් තොරව ඇතුල්වීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ප්‍රවීණ රංගන ශිල්පී දමිතා අබේරත්න මහත්මියට එළඹෙන 29 වැනිදා රස පරීක්ෂක හමුවේ පෙනී සිටිමින් රුධිර සාම්පලයක් ලබාදෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද දින නියෝග කළාය.
එම නඩුව කැඳවූ අවස්ථාවේදී දමිතා අබේරත්න, සචිනි කෞශල්‍යා සහ මොරින් නූර් යන විත්තිකාරිනියන්ට රස පරීක්ෂක හමුවේ පෙනී සිටි රුධිර සාම්පලයක් ලබා දෙන ලෙස පූර්වගාමි විනිසුරුවරයා විසින් නියෝග කර ඇති බවත් දමිතා විසින් එය ඉටු කර නොමැති බවත් කරුණු සඳහන් විය.
කොළඹ උතුර අපරාධ කොට්ඨාශය විසින් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මහේස්ත්‍රාත්වරිය විසින් මෙම නියෝගය නිකුත් කළාය.