ක්ලබ් වසන්තගේ මළ සිරුර තැන්පත් කර තිබූ බොරැල්ලේ ජයරත්න මල් ශාලාවට තර්ජනාත්මක දුරකථන ඇමතුම ලැබී ඇත්තේ ඩුබායි සිට නොවන බවත් එම ඇමතුම ලැබී ඇති අංකය 075 ඛාණ්ඩයෙන් පටන් ගන්නා දේශීය දුරකථන ජාලකය දුරකථන අංකයකින් බවත් මේ වනවිට විමර්ශන අංශවලින් ප්‍රකාශ වී තිබේ.
එමෙන්ම එම දුරකථන ඇමතුම පැමිණ තිබුණේ කොළඹින් බවද දැන් සොයාගෙන ඇත. දේශීය දුරකථන අංකයකින් කොළඹ සිට ලබා දුන් ඇමතුමක් මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත් වූයේ ඩුබායි සිට තර්ජනාත්මක ඇමතුමක් ලැබී ඇති ලෙසට ය.
මෙම දුරකථන අංකය ලබාගෙන ඇති ජාතික හැඳුනුම්පත් අංකය ඇක්වයිනාස් උසස් අධ්‍යාපන ආයතනයේ සිසුවියකගේ බව ද ඇයගේ ජාතික හැඳුනුම්පත අවභාවිතා කර යම් කාන්තාවක විසින් මෙම දුරකථන සිම්පත ලබාගෙන ඇති බව ද හෙළි වී ඇත.
මේ දුරකථන ඇමතුම ලබා දීමේ අර්ථය කුමක් විය හැකිද යන්න පිළිබදව පැහැදිලි අවබෝධයක් නැතත් ක්ලබ් වසන්තගේ භූමිදානය දක්වාම දේහය තැන්පත් තිබූ මල්ශාලා භූමියට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබිණි.
ඒ සමගම මේ වනවිට තැන තැන පාතාලයට එරෙහිව ගසා ඇති පෝස්ටර් මෙන්ම මාකඳුරේ මධුෂ්ගේ රුව සහිතව මුද්‍රණය කර තිබූ ඩිජිටල් මුද්‍රිත බැනරය ද යම් කණ්ඩායමක ප්‍රාථමික ස්වරූපයේ සැලසුමක ලක්ෂණ ප්‍රකට වෙමින් ඇති බවට වු සමාජ මතයක් ද ගොඩනැගෙමින් ඇත.