ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ මහාකාශ්‍යප මහ පිරිවෙනෙහි චීවරධාරීයෙකු කසිප්පු ගසා සූර් වී පැමිණ ශිෂ්‍ය භික්ෂූන්වහන්සේට ඉගැන්වීම් කිරීමට විරෝධය පාමින් ඒම ශිෂ්‍ය භික්ෂූහු අද පිරිවෙණ තුළ විරෝධතා පුවරු සහිතව ඊයේ (15) විරෝධතාවයක නිරත වූහ.
ශිෂ්‍ය සාමනේරයන්වහන්සේලා කීවේ මේ චීවරධාරී බේබද්දා නිසා තමන් දැඩි අසීරුතාවයකට පත් වී සිටින බවත්, බීමතින් කරන නන් දෙඩවීම් මිස නිසි ඉගැන්වීමක් සිදු නොවන බවත්ය.
එම තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් තමන්ට නිදහසේ පිරිවෙන් අධ්‍යාපනය ලැබීම සඳහා පීඩාකාරී ලෙස බීමතින් ඉගැන්වීම් කටයුතු සිදුකරන එම චීවරධාරිය දරන බේබද්දා වහාම පිරිවෙනෙන් ඉවත්කරන ලෙසට විරෝධතාවයේ නිරත වූ සාමණේර භික්ෂූන් වහන්සේලා නායක ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලීමක් කර සිටියහ.
මෙම අවස්ථාවේ ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් සඳහන් කළේ මෙවන් භික්ෂු ප්‍රතිරූපකයන් නිසා ශාසනය ඉතිහාසයේ සෑම කලකම ශාසනයට බරපතල අවැඩ සිදුවූ බවය. මේ බේබදු භික්ෂු ප්‍රතිරූපකයා
වහාම ඉවත් කිරීමට කටයුතු කරන බවත්, මීට පෙර අවස්ථා කිහිපයකදීම මෙ තැනැත්තගේ බීමත් හැසිරීම සම්බන්ධව පැමිණිලි ලැබී තිබුණු බවත් උන්වහන්සේ කීහ.
දැඩි ලෙස අවවාද කර තිබුණ ද ඔහු නිවැරදි වන ආකාරයක් නිරීක්ෂණය නොවන බව කී නායක හාමුදුරුවන් වහන්සේ මේ හැසිරීම කුඩා භික්ෂූන්වහන්සේට අතිශය නරක ආදර්ශයක් සපයමින් ඇති බැවින් මෙම තැනැත්තා වහාම ක්‍රියාත්මකවන පරිදි පිරිවෙණෙන් නෙරපා හරින බවට සහතික වූහ.
මීට පෙර දිනෙක ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට පැමිණි භික්‍ෂුවක්ද බීමතින් සිටි නිසා එම භික්‍ෂුව උපපැවිදි කර
ආරණ්‍ය සේනාසනයෙන් ඉවත් කළ බව නාහිමියෝ කීහ.
ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට කැළලක් වන අන්දමින් ශාසනයට නුසුදුසු පුද්ගලයන් සිවුරු දරා දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට ඇතුළත් වන බව ද නාහිමියෝ පැවසූහ.