gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් පත‍්‍රය සූදානම්..

විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සහාය ලබා නොදුනහොත් එදිනම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගැසට් පත්‍රය සූදානම් කර ඇති බවට තොරතුරු වාර්තා වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක බලයක් ලබාගැනීමට ජනාධිපතිවරයාට අභියෝගයක් වී ඇති නිසා ඇතිවන අවිනිශ්චිතතාවයන් සමනය කරගැනීම සඳහා මෙම යැයි කියමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් ඇති බවද ඔහු පැවසීය.

මෙම තත්ත්වය මත ඇතැම් විට ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැමිණීමේ ඉඩක් ඇතැයිද හෙතෙම පවසයි.

එ් අනුව පවතින දේශපාලනය වෙනත්ම දිශාවකට වෙනස්වීමේ තත්වයක් මේ වන විට මතුවී ඇති බවද හෙතෙම කියා සිටියේය.

කෙසේ වෙතත් විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කිරීමේ කටයුත්ත අත්හිටුවන ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් එම අමාත්‍යංශ ලේකම්වරයා වෙත දැනුම් දී තිබේ.

ඒ ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මතුව ඇති සැක සංකා ගැන සලකා බලමිනි.
-lankacnews
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka