ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22වැනි සංශෝධනය ගැසට් කිරීම ජනාධිපතිවරණය නිමා වනතුරු අත් හිටුවයි…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22වැනි සංශෝධනය ජනාධිපතිවරණය අවසන්වන තුරු අත්හිටුවන්නැයි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී තිබේ.
“අපි 22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කියලා ගෙනාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වැනි ව්‍යවස්ථාවේ නිවැරදි නොවී තිබුණු වරදක් නිවැරදි කරන්න.”
“එම වරද තිබුණු නිසාම අධිකරණයේ නඩු කටයුතු තුනකට වැඩි ගණනක් පැවතුනා ඒ පිළිබඳව සැක මතුකරමින්. නමුත් අධිකරණය පැහැදිලි තීන්දු දීලත් තියනවා. ”
“නමුත් අනාගතයේ දී එවැනි සැකයක් ඇතිවීම වැළැක්වීම පිනිස තමයි මේ සංශෝධනය අපි ඉදිරිපත් කළේ . නමුත් ජනතාව තුළ මාධ්‍ය හරහා යම් කිසි සැකයක් අවිනිශ්ඡතභාවයක් මතුකරමින් තියනවා මෙය මැතිවරණ කල් දැමීම සඳහා කරන උපක්‍රමයකට යොදා ගනී කියලා. ”
“එවැනි සැක ශංකාවක් ජනතාව තුළ තිබෙන්න අවශ්‍ය නෑ මේ මැතිවරණ සමයේ. ඒ නිසා මම අපේ අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයාට උපදෙස් දුන්නා මෙය ගැසට් පත්‍රයේ පල කිරීම අත්හිටුවන්න කියලා. ”
අධිකරණ ඇමතිවරයා පැහැදිලි කළේය.
-lankasara
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22වැනි සංශෝධනය ගැසට් කිරීම ජනාධිපතිවරණය නිමා වනතුරු අත් හිටුවයි…
2024-07-19T00:11:00+05:30
Gossip Lanka Hot News






